Sunday, December 28, 2008

ඉස්ලාම් සහ මුස්ලිම්වරු ගැන.

මා ප්‍රිය මුස්ලිම් නොවන සහෝදර සහොදරියනි.,

අන් ආගමක් දර්ශනයක් පිළිබඳව වැරදි ආකල්ප සිතේ තබා නොගන්න. ඒ ගැනත් ඉගෙන ගන්න. බොහොමයක් ශ්‍රි ලාංකික මුස්ලිම් නොවන අයට ඉස්ලාම් ආගම ගැන හෝ මුස්ලිම්වරු ගැන දන්නේ බොහෝම ටිකකි. බොහෝවිට මුස්ලිම්වරුන් අච්චර මෙච්චර කාන්තාවන් විවාහ කරගනිති හෝ මුස්ලිම් මස් අනුභව කරති යන්න පමණක් කීමට දන්නා මුස්ලිම් නොවන අය මා අනන්තවත් දනිමි. ඒ නිසා ඉගෙන ගන්න අන් ආගම් සහ දර්ශන. එය අන් අය ගැන තම සිතේ උපදින ජාතිවාදි හැඟිම් සහ පටු ආකල්ප වෙනස් කිරිමට උපකාරි වේවී. බුදූන් පවා කියා තිබෙන්නේ “අපදාන සෝභිනි පඤ්ඤා” (ප්‍රඥාව / ඥානය චරිතය ලස්සන කරයි) යනුවෙනි.

ඉස්ලාම් ගැන සිංහලෙන් දැනගන්න, ගොඩවෙන්න.

www.yayuthumaga.com
www.sihalamuslims.org

5 comments:

දිලාන් said...

ස්තුතියි. මට ඉස්ලාම් ආගම ගැන හුගක් දේවල් ඒ වෙබ් අඩවි තුලින් ස්තුතියි. මට ඉස්ලාම් ආගම ගැන හුගක් දේවල් ඒ වෙබ් අඩවි තුලින් දැනගන්න ලැබුණාදැනගන්න ලැබුණා

සරත් ගුණතුංග said...

ඉස්ලාම් ආගමත් මූල ධර්මවාදීන් අතරත් විශාල පරතරයක් තිබෙන බව අපි හොඳට දන්නවා. සිය ආගමෙන් බහු භාර්යා සේවනය නීති ගත කර තිබෙද්දී, ඒ තැනැත්තාට එපමණ භාර්යාවන් ගනනක් සඳහා විය පැහැදම් කිරීමට හැකියාවක් ඇත්නම්, ඒ ගැන කිසිවෙකුට කැස්සක් ඇති නොවිය යුතුය.

malee_msg said...

බොහෝම ස්තූතියි මේ අඩවි පිළිබදව දැණුවත් කලාට.. ඇත්තටම අපේ රටේ බොහෝ අය අනිත් ආගම් වලට විරුද්ධව කථා කරන්නේ ඒ පිළිබදව නිවැරදි අවබෝධයකින් තොරවයි.. කාටවත් කාගෙවත් ඇදහීමකට හෝ පිළිගැනීමට ‍අගෞරව කිරීමට අයිතියක් නෑ කියලයි මම නම් හිතන්නේ...!

තුෂාර ජයරත්න. said...

ලොව පවතින කිසිම ප්‍රධාන ආගමක මා දන්නා තරමින් අහවල් මතය දරන්නා තැලිය යුතුයු පෙලිය යුතුයි කියා නැහැ. මේ සියලු දුර්මත පතුරන්නේ සෑම ආගමකම මූලධර්මවාදීන් විසිනුයි.
( බහු විවාහය ගැන කියනවානම් කිසිදු සිංහලයෙකුට අයිතියක් නැහැ එම හේතුව මත ඉස්ලාම් ආගමිකයකුට අවමන් කරන්න. මක් නිසාද යත් පෙර හෙල සමාජයේ එක ගෙයි කෑම යටතේ එක් කාන්තාවකට ස්වාමිපුරුෂයන් කීප දෙනෙක්ද, අන්තක්පුර ආදිය මගින් බහුභාර්යා සේවනයද සුදු මහත්වරුන්ගේ අවවාද අනුසාශනා ලබන තෙක්ම පැවතීම නිසාය.)

Anonymous said...

මගේ පිළිගන්නා ආකාරයට කවර ආගමක වුවත් මුලික හරය පවසන්නෙ එකම සත්‍යයයි. එය නිර්වාණය හෝ ස්වර්ගය හෝ පාරාදීසය හෝ අන් කවරක් හෝ වන්නේ පුද්ගල පිළිගැනීම මතයි. මෙලොව සෑම ආගමක්ම ශ්‍රේෂ්ඨ‍ය. කවරෙක් හෝ තම ආගම වර්ණනා කරමින් අන් ආගමකට ගරහන්නේ නම් කිසිදු ශිෂ්ට සමාජයක් අනුමත නොකරන්නකි.