Thursday, December 4, 2008

මෙන්න ගල්ෆ් (මැද පෙරදිග) තතු.

* දේශිය ස්ථාවර දුරකථන ඇමතුම් නොමිලේ

* ඉන්ධන මිල ජලයටත් වඩා අඩුයි. (ලංකාවට සාපේක්ෂව ජලයත් මිල අඩුය)

* ගොඩනැගිලි මාස 6 ක් වැනි කාලයකින් ඉදිකර අවසන් කෙරේ

* සුදුසුකම් අඩු පිරිස් සුදුසුකම් ඇති අයට වඩා වැටුප් ලබයි
(ලංකාවෙත් එසේමය. ඛනිජ තෙල් සභාපති අසන්ත ද මෙල් හොඳම උදාහරණය වේ)

* සෝබන වැඩ යථාර්තයට වඩා බෙහෙවින්ම වෙනස්ය (බොරු කලර්ස්)

* තමන්ගේ රටතුල ලැබෙන වැටුපට වඩා අඩු වැටුපකට කම්කරුවන් සේවය කරයි
(සේවයේ ඇති ස්ථිර බව නිසාවෙන්)

* තමන්ගේ සේවකයින් කිසිම හේතුවක් නොමැතිව රැකියාවෙන් පහ කිරිමට ආයතනයන්ට හැකිය.
(දැන්නම් කොහෙත් එහෙමය)

* රෙකමදෝරුව මුදලට වඩා බලවත්ය (බඩුම තමයි. ලංකාව වගේමයි)

* කා.කා.ස වරුන් / පිරිසිදු කරන්නන්ගේ රෙකමදෝරුව නිලධාරින්ගේ රෙකමදෝරුවට වඩා බලවත්ය
(ඒකත් එහෙමයි හා)

* ගල්ෆ්හි (මැද පෙරදිග) කාලගුණය නිරන්තරයෙන් වෙනස් වේ. පැයක් තුල වැලි කුණාටු,
වැසි, සීත කාලගුණය, උණුසුම් කාලගුණය, ආර්ද්‍රතාවය දැකිය හැක(අපේ කෙල්ලො වගේ)

* සතර අතින් කාන්තාර වුවත් හරිත පැහැ තුරුලිය සෑම තැනකම පාහේ දැකිය හැක
(ලංකාව සතර අතින් හරිත පැහැවුවත් කාන්තාර වෙමින් පවති)

* මැද පෙරදිගදි මුදල් ඉපැයිය නොහැකිනම් වෙන කිසිම රටකදී ඉපැයිය නොහැක
(වැටුප් සඳහා ආදායම් බදු ආදිය නොමැත, කුමන දේ කලත් ගානක් කඩා ගත හැක)

* කාලය වේගයෙන් ගෙවෙයි. සිකුරාඳා සිට ඊලඟ සිකුරාඳා දක්වා කාලය වේගයෙන් ගෙවේ

* පවුලේ අයට, යහළුවන්ට, නෑදෑයන්ට දක්වන ආදරය, කරුණාව, ලෙන්ගතුකම මෙහි පැමිණීමෙන් පසු
බෙහෙවින් වැඩිය (මෙහෙ ආවම තමයි හැමෝටම කතා කරන්න හිතෙන්නේ)

* නිවසටවී සිටිම / කාමරයට වී කාලය ගෙවිම කන්තෝරුවේ සිටිමට වඩා අමාරුය
(කාමරයට වී කුමක් නම් කරන්නද??)

* මැද පෙරදිගට පැමිණෙන ආසියාතිකයින් ආගම දහමට බොහෝ ලැදිබවක් දක්වයි.
(මෙහි පැමිණිමෙන් පසු)

* මැද පෙරදිග තරුණියන් හින්දි සින්දු මුමුණයි. නමුත් තේරුම නොදනි. (අපේ මෝඩරැල වගේමයි :))

* සෑම තැනකම පාහේ කාන්තා රූපලාවන්‍යගාර, ස්ටාර්බග්ස් (කොෆි ෂොප්) දැකිය හැකිය

* ආහාර පාන / සිල්ලර බඩු වාහනයටම සපයයි

* මධ්‍යසාර නොමැති සමාජශාලා දැකිය හැකිය (හොර මත්පැන් ඇත)

* සෑම කි.මී. 5 වරක් සුපර් මාර්කට් දැකිය හැකිය (ලංකාවෙනම් සමහර ප්‍රදේශවල බාර් දැකිය හැකිය. උදා.
දෙමටගොඩ ප්‍රදේශය)

* රියදුරු බලපත්‍ර ලබාගැනිම වාහනයක් මිලදි ගැනිමට වඩා අසීරුය (බලපත්‍ර සඳහා බොහෝ සුදුසුකම් සපුරා
තිබිය යුතුය)

* කාන්තාවන් සඳහා කිසිම තැනක පොලිම් නැත (හොඳ සංකල්පයක්)

ඔබ සතුවත් මැදපෙරදිග අසාමාන්‍ය තොරතුරු වේනම් කොමෙන්ට් තුලට ඇතුලත් කරන්න.

6 comments:

දිලාන් said...

මුස්ලිම් කාන්තාවන් සිටින්නේ මුලු ඇගම ආවරනය වන පරිදි කලු පාට ඇතුම් ඇදගෙනය ඇස්දෙක පමණක් නිරාවරණය වන ලෙසය. එත් මේකප් නම් අඩු නැතිව දමයි. වරක් මම දුටුවා නවතා තිබු වාහනයක් සිටි කාන්තාවක් මුහුණු ආවරණය ඉවත් කර තොල් පාට කරන ආකාරය.

Anonymous said...

@ කැඩපත - ඔව් ඔබ හරි. නමුත් වැඩිපුරම කළුඇඳගෙන සිටින්නේ සව්දි වගේ රටවල. නමුත් ඩුබායි වල, බහරේන් සහ ඔමාන්වල බොහොමත්ම අඩුයි.

malee_msg said...

ඔය රටවල කාන්තාවන්ගේ නිදහස තියෙන්නේ කොයි මට්ටමේද?

Anonymous said...

@malee_msg : අවංකවම කියනවානම් අපේ කාන්තාවන්ට වඩා නිදහසක් මෙහි තිබෙන හැඩයි.
මෙහි කාන්තාවකට ඕනෑම වේලාවක පාරේ ගමන් කල හැකිවන අතර ඇයට කිසිම තැනක අවහිරයක් සිදුනොවේ. භාණ්ඩයක් හෝ සේවාවක් මිලදි ගැනිමට ගිය විට පවා කාන්තාවන්ට පෝලිම් වල සිටිය යුතු නොවේ. එමෙන්ම බොහෝ දෙනෙකු කියන්නාක් මෙන් පුරුෂාධිපත්‍යයක් යම් තරමකට තිබුනත් බොහෝ කාන්තාවන් තමන් වටා පුරුෂාධිපත්‍යයක් රැදි තිබිම ගැන සතුටට පත්වෙනවා. එමෙන්ම අද සව්දි අරාබියාවේ කොටස් වෙලදපල තුල පවා 60% පමණ වු බහුතර කාන්තා නියෝජනයක් දකින්නට ලැබෙන අතර 20000 පමණ වූ කාන්තා ව්‍යාපාරිකයින් ප්‍රමාණයක් දකින්නට ලැබෙනවා.

කාන්තා නිදහස යනු අඩ නිරුචත් ඇදුම් පැළදුම් හෝ විච්චුර්ණ නොවේ. අරාබි කාන්තාවන් නිවසින් පිටතට සම්පුර්ණ සිරුර වසා පැමිණියත් නිවස තුල, තමාගේ ස්වාමියා ඉදිරියේ අඩ නිරුවත් හෝ තමාට සුදුසු දුහුල් ඇදුමකින් සැරසි සිටි. කාන්තා සිරුර හෝ එහි කාන්තියේ හිමිකාරයා ඇයගේ ස්වාමි පුරුෂයාය. එසේ නොමැතිව පාරේ අයාලේ යන කොල්ලත් බල්ලත් නොවේ.

malee_msg said...

බොහොම ස්තූතියි... පිළිතුරට... :)

Unknown said...

බොහෝ මැදපෙරදිග රටවල කාන්තාවන්ට විදේශගතවීම සදහා පියාගේ / සැමියාගේ / භාරකරුගේ (පිරිමී) ලිපියක් ගුවන් තොටට ඉදිරිපත් කල යුතුය. සවුදි රජ කුමරියකට උනත් තත්වය එකයි.