Wednesday, December 3, 2008

තරුණියකට පෙම්කරන්න ගිය කොන්දොස්තර අලි අකරතැබ්බයක - ලංකාදීප - දෙයියෝ සාක්කි

ඊයේ (02.12.08) ලංකාදීප පත්තරේ දෙයියෝ සාක්කි තීරුවේ තිබුනේ "තරුණියකට පෙම්කරන්න ගිය කොන්දොස්තර අලි අකරතැබ්බයක" කියලා විස්තරයක්. අනේ ඒක දැක්කම මට හිතුනා ඒ කෙල්ලට පයින් දෙකක් දෙන්න ඕන කියලා. ජොබ් එකක් නැතිව අතනයි, මෙතනයි, බෝක්කු උඩයි, කානු උඩයි සිගරට් බිබී, මල් ඇද ඇද අනුන්ගේ ඕපදූප කතා කරගෙන, ගෙදරින් දෙන දේ කාලා ගෙදරටත් ගෑස් පෙන්නන් ඉන්න කොල්ලෝ ඕන තරම් ඉන්න රටේ දෙයියනේ කියලා කොන්දොස්තරකමක්වත් කරගෙන ඉන්න එක කොච්චර දෙයක්ද?? හොර බොරු වංචාව නැතිව පොඩියට හරි ජොබ් එකක් කරන එක කොච්චර හොඳද? අපේ දැන් ඉන්න සමාජයේ කෙල්ලන්ට ඕවා නොතේරෙන එකයි පුදුමේ. පොඩි කාලේ ඉදලම ඔලුගෙඩි වලට පුරවන්නේ සල්ලි සල්ලි සල්ලි. ඉතින් උන් ලොකුවෙන කොට හොයන්නේ සල්ලි තියෙන උන්. අනුන්ට ගිනි දීලා හරි කමක් නැහැ හොඳ යාන වාහන තියෙන, හොද ගෙවල් දොරවල් තියෙන උන්ව තමයි හොයන්නෙ. මොන පහත් වැඩක් කලත් කමක් නැහැ සක්විති කෙනෙක් වගේ ජීවත්වෙනවනම්.


වැදගත්කම තියෙන්නේ කරන රස්සාවේ නෙමෙයි. ජිවත්වෙන විදිහෙයි


අනේ රට යන අතවට් ටු ඩූ‍.


ප.ලි. ජීවත් වෙන්න සල්ලි ඕන තමයි, ඒත් සල්ලිම ජීවිතේ උනොත්

4 comments:

නාලක said...

අපෝ, දැන් ඉන්න සමහර කෙල්ලො ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒත් ඉතින් හැමෝමත් ඒ වගේ නෑ නේද ? මොනව උනත් මම එකඟ වෙනවා ඔබේ අදහසට.

කීර්ති said...

අම්මප ඇත්ත, උන්දලාගේ මොලේ හැඳි මිටේ දිගට කියන කතාව උන්දලාම ඔප්‍පු කොරාගන්නවා වෙලාවකට..... හොහ්...හොහ්...

ඒ වුනාට මොනා කොරන්ටද... අපිටත් උන්දලාගෙන්ම එකෙක් හොයාගන්ටත් වෙනවා....
ඕං මං කීවා....

malee_msg said...

මම දෙයියෝ සාක්කි කියෙව්වේ නැති හින්දා ඒ කථාව මොකක්ද කියන්න නම් දන්නේ නෑ... මේ සටහනට මගේ අදහස එකතු කරන්නද?
මම නම් හිතන්නේ ‍මුදල් විතරක් නෙවෙයි හේ‍තුව වෙන්න ඇත්තේ. මොකද ‍අපේ රටේ හරිම කැත පුරුද්දක් තියනවා මිනිස්සුන්ට සලකන්නේ කරන රස්සාව බලලා..බස් කොන්දොස්තරව‍රයෙක් රියදුරු මහතෙකුට දීලා තියන මට්ටම මම කියන්න උවමනා නෑ නේද? ඒ මට්ටම ඇති කලේ ගැහැණු විතරමයි කියලද හිතන්නේ? මේ කියන ගැහැණිය වැරදි වෙන්න පුළුවන්.. ඒත් සිදු වූ හේතුව කුමක් හෝ වේවා.. ඒ ද වෙන්න ඒ ළමයාගේ තාත්තා හෝ සොහොයුරාත් හේතුවක් වෙන්න ඇති කියලා හිතෙන්නේ නැද්ද? ඔයාලගේ ගෙදර කෙනෙක් දුප්පත්කමට පාර අතුගාන කෙනෙකුව හෝ කොන්දොස්තර කෙනෙකුව විවාහ කරගන්න හැදුවොත් ඔයාලා අවසර දෙන්නේ කොයි විදියට හිතලද? ඔයාට හොදනම් අපිට මොකෝ කියලා ආශිර්වාද කරනවා නම් ගැටළුවක් නෑ..ඒත් අපේ රටේ එහෙම වෙන්නේ අඩුවෙන් නේද?

**මම මේ ‍හිතට ආවට කිව්වේ...කිසි අමනාපයක් නෑ හොදේ...

Homo Erectus said...

අපේ රටේ තියෙන්නේ රැකියාවල් පැලැන්ති. ඒ පැලැන්ති ඇරඹෙන්නේ රැකියාවෙන් නෙම්, ඊටත් කලින්. 'මැත්ස' කරන්න යනකොටම එක පැලැන්තියක්, 'බයෝ' තව පැලැන්තියක්. ඔය විදිහට පැලැන්ති නිර්මාණය වෙලා. ඒවයේ ඉඳගෙන හිතනකොට මනුස්සකම බලු පැලැන්තියට යනවා