Sunday, December 28, 2008

උන් නරකය... අරව හොඳය....

හුඟ දවසකට පස්සේ ශ්‍රි ලංකා රෙස්ටෝරන්ට් එකට ගියා. (රියාද් වල හොදේ.) මම මේ රෙස්ටොරන්ට් එකට ඇවිදින දුරින් හිටියත් (බතා ප්‍රදේශය) යන්නේ බොහෝම අඩුවෙන්. කෑම බීම නම් වැඩියම අව්ලක් නැති උනාට. ලංකාවේ ගතියක්නම් නැහැ. ඒ වගේම ඒ හරියට සෙට් වෙන්නේ අමුතුම කට්ටියක්. කොහොම උනත් රෙස්ටොරන්ට් එකේ තේ එකනම් පට්ට. J හොඳට සීනි එහෙම දාලා දෙන්නේ. ඉතින් මමත් තේ එකක් අරගෙන එලියේ බංකුවේ වාඩි උනා. ඒ ලඟම දෙන්නෙක් බර කතාවක්. කතාව අරාබින්ට පළුයන්න බැනීම. දෙන්නම තරගෙට වගේ අරාබින්ට බනිනවා ආයතනය ගැනයි. අරාබීන් ගැනයි කිය කිය. ඔන්න ඔහොම ටිකක් යනකොට අරාබියා තම්බියා වෙලා අම්බයා වෙලා දැන් ඔන්න සකල ලෝකවාසි මුස්ලිම්වරැන් ගැනම සාකච්චාව. දැන් ඔන්න මා දිහා බලපු කෙනෙක් එයාගෙ හඩ බාල කලා. (එයාට තේරෙන්න ඇති මේ ලඟට වෙලා ඉන්නෙත් තම්බියෙක් කියල) ඒ වගේම එයා කියවන එකත් අඩු කරලා අනිත් කෙනා කියන දේකට විතරක් උත්තර දීලා ඉන්නවා.


ඉතින් තව ටිකක් වෙලා යන්න දීලා මමත් කතාවට බලෙන්ම වගේ එන්ටර් උනා. මොකත මමත් මුසල්මානුවෙක්නෙ. ඉතින් අපිට අම්ම මෝ නැතිම බනින කොට බලන් ඉන්න පුලුවන්ද. ඒ වගේම අතේ පැලවෙන බොරුත් එක්කම. ඉතින් මම ඇහැව්වා එක්කෙනෙක්ගෙන් හරි ප්‍රශ්න නේද කියලා. එයා කියනවා ඔව් මල්ලි. මේ අරාබි හැත්ත එක්ක වැඩ කරන්න බැහැ. අරකයි මේකයි කියලා. ඉතින් මම ඇහැව්වා එච්චර ප්‍රශ්නනම් ඇයි අස්වෙලා ලංකාවට යන්නේ නැත්තේ මුස්ලිම්වරුන්ට බනින්නේ නැතුව කියලා. එයාට එකපාර ටිකක් අප්සට් ගියා. එත් කියන්න ඕන එක අපි කියන්න එපැයි. නැත්නම් හරි නැහැනේ. එතකොට ඒ මනුස්සයා කට වහ ගත්තා. නෝ කතා නෝ සිනා.


මෙහෙ ආව ගොඩක් අය හිතන් ඉන්නේ මෙහෙ රටවල්වලින් මෙයාලව බලෙන් මෙහෙට ගෙනාව කියලා. තමනුත් දැනගෙන, කැමැත්තෙන් ආවේ කියන එක අමතකයි. මම කියන්නේ නැහැ මැද පෙරදිග හැමෝම හොදයි කියලා. මටත් ප්‍රශ්න තියෙනවා අරාබින් එක්ක. ඒත් ඒ ප්‍රශ්නේ නිසා ජාති ආගම් සම්බන්ධ කරලා කතා කරන එක වැරදියි. මොකද කොයි සමාජෙත් කළු බැටළුවෝ ඉන්නවනේ. මම ලංකාවේ ඉන්නකොට වැඩකරල ආයතනයත් එක්ක ප්‍රශ්න තිබ්බා. හැබැයි ඒකට මුලු සිංහල බෞද්ධයන්ටම බැනලා දොස් කියලා වැඩක් නැහැනේ.


කොහොම හරි මම මේ කතාව මගේ යහළුවෙක්ට කිව්වම එයා කිව්වේ අරාබින් නරක උනාට උන්ගේ රියාල් නරක නැහැ කියලයි.එතකොට මට මතක් උනේ කොටින්ට උදව් කරන දෙමළ නොවන අයව. එයාල හිතනවා ඇති කොටි නරක උනාට උන්ගෙ සල්ලි නරක නැහැ කියලා.


ඔන්න ඔහොමයි ලෝකේ J

4 comments:

ශාකුන්තල | Shaakunthala said...

ගනංගන්න එපා ඔය කළු බැටළුවො කියන කතා.

Anonymous said...

ප්‍රශ්නය වෙලා තියෙන්නෙ අපේ මිනිස්සු මෙන ප්‍රශ්නෙ කතා කරන්න ආවත් අවසාන කරන්නෙ කතාව‍ට අදාල පුද්ගලයගෙ හෝ පිරිසගෙ ආගමෙන් හරි ජාතියෙන් හරි වීම.

දිලාන් said...

සමහරක් අරාබි මිනිසුන්ට සලකන්න දන්නේ නැ. ඒ අය ලග වැඩකරන ගෘහසේවිකාවන්ට සලකන හැටි අපි අනන්තවත් අහලා තියෙනවානේ.අපි ඒ අය ලගට වැඩට යන්නේ නැති බැරිකමටනේ, ඉතින් අසාධාරණයන් වුනත් ඉවසගෙන ඉන්න වෙනවා.දමලා ගහලා ආවොත් අපිටම තමා එකෙත් පාඩුව.හැබැයි සමහරක් අරාබි ජාතිකයන්ගේ මොඩ හැසිරිම් නිසා සමස්ත මුස්ලිම් ආගමටම බනිනවානම් එක වැරදියි.අරාබි ජාතිකයන් වගේ ලන්කාවේ මුස්ලින් ජාතිකයන් නරක් නැ කියලා මම හොදාකාරවම දන්නවා. සමස්තයක් විදියට ගත්තාම ශ්‍රි ලාන්කිකයන්ගේ තියෙන මහත්මා ගති අරාබි ජාතිකයන්ට නැ කියලා මම හිතනවා.

එක් සතය සිදුවිමක්:
අපේ කාර්යාලය තියෙන ගොඩනැගිල්ල අයිති කටාර් ජාතිකයෙකුට.වරක් අපේ කාර්යාලයේ අයෙකු ඔහුගේ වාහනය නවතා තැබු(සුලු මොහොතකට( ආකාරය නිසා ගොඩනැගිල්ල අයිති කටාර් ජාතිකයාගේ වාහනය අවහිර වි තිබුණා. එම කටාර් ජාතිකයා අපේ කාර්යාලයට පැමින වාහනයේ අයිති අයගේ බැන වැදි හැදුනුම්පත ගෙන එයින් දමා ගැසුවා.එමෙන්ම ඔහු මසක් ඇතුලත කාර්යාලය එතනින් ඉවත් කරගෙන යනලෙස නියෝග කලා.හැබැයි පස්සේ අපේ කලමනාකරු(සුද්දා) ගිහින් කතා කලා විතරයි කටාරියා නැවුනා.
වැරද්දකට දඩුවම් දෙන විදියක් තිබුය යුතුයි.
ඒ වගේ මෝඩ ලෙස හෑසිරිම මම හිතන්නේ නැ කිසිම මිනිසෙකුට ගැලපෙනවායි කියා.

malee_msg said...

ගයාන් කියන කථාවට මමත් එකග වෙනවා...මොකද මේ වෙබ් අඩවි වල තියන සාකච්ජා වලදි පවා මම දැකලා තියනවා.. ප්‍රශ්නේ මොකක් උනත් සිංහල නෙවෙයි නම් මුලික ගැටළුව පැත්තක තියලා බනින්න ගන්නේ ආගමට හෝ ජාතියට.. එව්වා මහ ලැජ්ජ නැති වැඩ.. මම අයියට කියන්නේ.. ඕව්වා ගනන් ගන්න එපා කියලයි.!