Sunday, November 30, 2008

දැහැටි කූරු ගැන ඔබ දන්නවාද??

මිස්වාක් (දැහැටි කූරු). සමහර විට ඔබ අහල දැකලා ඇති. දැකලා නැත්නම් මෙන්න බලන්න.




බොහෝ මුස්ලිම් අයගේ අතේ රැදිලා තියෙන දෙයක් තමයි මේ දැහැටි කූරු. ලංකාවේ වැඩියෙන් දකින්නට නොලැබුනත් මැදපෙරදිග අයනම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන දෙයක් තමයි මේ දැහැටි කූරු. මේක පාව්ච්චිකරන්නේ නම් දත් මැදීම සදහා.


මේ දැහැටි කූරු ලබාගන්නේ නම්අරක්නමින් හදුන්වන ශාකයක මුල් වලින්. මෙම ශාකයට අයත් විද්යාත්මක නම තමයිසැල්වදෝරා පර්සිකා”. මෙම ශාකය සව්දි අරාබියාව, සුඩානය, දකුණු ඊජිප්තුව, චැඩ් සහ උතුරු ඉන්දියාවේදී දකින්නට හැකියි.


ඉතින් මේ කියන්න යන්නේ මේ මිස්වාක් (දැහැටි කූරු) පාවිච්චි කිරිම නිසා ඇතිවන හොඳ වෙනස් වීම් ටිකක්. මේ පිළිබධව සව්දි අරාබියේකිං සව්ද්සරසවියේ දන්ත වෛද්‍යවරුන් දිර්ඝකාලින පරික්ෂාවකින් පසු සොයාගෙන තියෙනවා මම දැහැටි කූරු වල ඉතාමත් වටින ඖෂධ වර්ග සහ සංඝටක 19 තිබෙන බව.

ක්ෂුද්‍ර ජීවීන් සහ ස්වභාවික විශබීජනාශකයන්ගෙන් සමන්විත මෙම දැහැටි කූරු වල ටැටනික් අම්ලයත් අන්තර්ගතයි. මෙම ටැටනික් අම්ලය විවිධ විදුරුමස් රෝග නිවාරණය සඳහා උපකාරි වෙයි. එමෙන්ම සුවඳතෙල්ද එහි අඩංගු නිසා මුඛය සුගන්ධයෙන් පුරවයි.


තවද දන්තාලේප නිපදවීම සඳහා යොදාගන්නා සෝඩියම් බයිකාබනේට් පවා මෙම දැහැටි කූරුවල පවති.

1986 දී ලෝක සෞඛ් සංවිධානය පවා මෙම මිස්වාක් හෙවත් දැහැටි කූරු පාවිච්චිය අනුමතකර තිබෙන්නේ මෙහි ඇති අන්තර්ගතයත් එයින් ලැබිය හැකි දන්ත සෞඛ්‍යයත් ගැන මනා අවබෝධයක් ඇතිවයි.

සමහර රටවල මෙම මිස්වාක් විවිධ රසකාරකයන් එක්කර විවිධ ලෙස අසුරා වෙළඳපලට යවන අතර මෙම මිස්වාක් වැඩිපුර දැකිය නොහැකි මොරොක්කෝ වැනි රටවල්වලබාර්ක්නම් වු ශාකයේ මුල් යොදාගන්න අතර දකුණු ඉන්දියාවේ හා ලංකාවේ කොහොඹ ශාකයේ අතු යොදාගනි.


මෙම මිස්වාක් දිර්ඝකාලයක් පාවිච්චි කිරිම මගින් මුඛ සෞඛ්‍යයත් එමෙන්ම රස ග්රන්ථිහි හොඳ පැවැත්මත්, මතක ශක්තිය වර්ධනය වීමත්, නිතර ඇතිවන හිස රුදාව නැති වීමත්, කතාකිරිමේදි වචනයන් හී පැහැදිලි උච්චාරණයත් ඇති කරයි. තවද ඇස් පෙනිම හොඳ තත්වයෙන් පවත්වා ගැනිම සදහාත් මෙය උපකාරි වන බව මෙම පරික්ෂණ කණ්ඩායම පවසනවා.


ඔබටත් හිතෙනවනම් පාවිච්චි කරන්න, ටිකක් හොයලා බලන්න ලංකාවෙත් මිලදි ගන්න පුලුවන්. ලොකු මුදලක් වැය කරන්න ඕන වෙන්නෙත් නැහැ.


"අරක්" ශාකය


අන්තර්ජාලය ඇසුරෙන් පරිවර්තනය කර සකස් කරන ලදී෴

2 comments:

ම.ම.ගි said...

බොහොම අපූරු තොරතුරක්. මේක කියෙව්වයෙන් පස්සෙ දැහැටිකූරු පිළිබඳ මට තියෙන අත්දැකීම් ටිකකුත් කියන්න හිතුනා. කුඩාකාලයේදි අපිත් වැඩිහිටියන්ගෙ උපදෙස් අනුව කුඩා පේර අතුවල දඬු තව අරත්ත ගහේ බඳ ව‍ගේ දේවල් දත් මැදීම සඳහා පාවිච්චි කරලා තියෙනවා ගමේ ඉන්න කාලෙ. මම කියන ඔය අරත්ත කියන ගහ ඉඟුරු ගහවගේ ඊට වඩා ටිකක් විශාලෙට හැ‍දෙන්නෙ. ඒකෙ කඳකොටස බටේ වගේ. ඒක පොඩ්ඩක් උල් කරලා දත්මැන්දහම මුඛ රෝග ගණනාවකට හොඳලු. හරි නැවුම් බවක් තියනවා. පිරිත් වලට වඩින හාමුදුරුවන්ට දැහැටි කූරු වශයෙන් තියෙන්නෙත් අරත්ත දඬු තමයි. ඉස්සර නම් අපේ ගමේ තිබුණා දැන් ආශාවට හොයා ගන්න නැහැ.

DotNetCreep said...

සහෝදරයා, බොහොම වටිනා විස්තරයක් කරලා තියෙන්නේ. මේ පිළිබඳව බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන විදිය පහත දක්වමි. අපි නැවතත් අපේ වටිනාකම් හඳුනාගත යුතු යුගයකයි අපි ඉන්නේ ඒ ගමන යන්නට ඔබටත් දිරිය ලැබේවා යයි මුළු හදවතින්ම පතමි.

http://www.thripitakaya.org/tipitakaya/Index/501?s=11303

අඞ්ගුත්තර නිකාය > පඤ්චක නිපාතය > (21) 1. කිම්බිල වර්ගය > 5.5.1.8. දන්‌තකට්‌ඨ සූත්‍රය

[සැවැත්නිදානයි]

8. මහණෙනි, දැහැටි නො වැළඳීමෙහි මේ දොස් පසෙක. කවර පසෙක යත්:

ඇසට අහිතකර ය, මුව දුඟඳ වෙයි, රස නහර පිරිසිදු නො වෙයි, පිත් සෙම් බත අවුරාලයි, ඔහට බත නොරිසියෙයි.

මහණෙනි, දැහැටි නො කෑමෙහි මේ දොස් පස යි.

මහණෙනි, දැහැටි වැළඳීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:

ඇසට හිත වෙයි, මුව දුඟඳ නො වෙයි, රසනහර පිරිසිදු වෙත්, පිත්සෙම් බත නො අවුරාලයි, ඔහට බත රිසියෙයි. මහණෙනි, මේ දැහැටි වැළඳීමෙහි අනුසස් පස යි.