මට මේක බ්ලොග් සටහනට එකතු කරන්නේ එඩ්නා වලට ඇඩ් එකක් දෙන්න නෙවෙයි. ඒත් මට මේ ගැන ලියන්න හිතුනේ මේ ආයතනය වට්ටන්න සමහර මාධ්‍යකරුවන්ටයි, සමහර නිලධාරින්ටයි තිබුනු උනන්දුව ඒ අයගේ නිශ්පාදන මෙලමයින් රහිතයි කියලා ඔප්පුවුනාට පස්සේ ඒ නිශ්පාදනයන්ට වෙළඳපලතුල නැවතත් තමන්ගේ කීර්තිනාමය නංවාගන්න සැලකියයුතු උපකාරයක් නොවුනු නිසයි.
වැරදි හොයන්නනම් අය ඕන තරම්, ඒත් වැරැද්ද නිවැරදි වුනාම කතාකරන්න කව්රුත් නැහැ. ලංකාවේ එහෙම තමයි, අයි ඩොන්ට් නෝ වයි????

3 comments:
මංචි වලට කරන්න ගියෙත් ඔය ටිකමනේ අළුතින් ආව ඉන්දියානු බිස්කට් වර්ගය ප්‍රවර්ධනය කරන්න.. ඒත් වෙලාවට මංචි ඉක්මනින්ම නිදහස් වුනා.
ලංකාවෙ වැඩි දෙනෙක් විදේශික බහු ජාතික සමාගම් වලට කඩේ යෑමේ ප්‍රතිඵලයක් තමයි ඕකත්. උන්ගෙ නිශ්පාදන වලට බලපෑම් කරන්න පුලුවන් දේශිය සමාගම් වලට මොකක් හරි බාල්දියක් පෙරලනවා. බිබිලෙ දොඩම් වලට කලෙත් ඕකමනෙ.
ඕක ගැන මට තාම හරි අදහසකට එන්න බැහැ. එඩ්නාවල මෙලමයින් තියෙනව කිවුවෙ බහුජාතික සමාගම්වලට සම්බන්ධ සංවිධානයක් නෙවෙයිනෙ.. මේ රටේ වැඩි කාලයක් නිදාගෙන හිටි .. අපි වෙනුවෙන් තියෙන " පාරිභෝගික අධිකාරිය". එයාල එහෙම කිවුවෙ සිංගප්පූරු රසායනාගාර වාර්තා මේ රටට ආවට පස්සෙයි.. දැන් එතකොට කවුරු හරි එහෙට සල්ලි දීල මේවයෙ මෙලමයින් තියෙනවා කියල කියෙවුවයි කියලද කියන්නෙ ????
දෙවෙනි පාර ආයෙම රසානයනාගාරවලට " සෞඛ්‍ය ඇමතිතුමාගෙයි, ජනාධ්පතිතුමාගෙයි" මැදිහත්වීමෙන් යවා පරීක්ෂණ කළහම මෙලමයින්වලින් නිදහස් වුණා..
ඒ ගැන තියපු මාධ්‍ය සාකච්ඡාවෙදි ඒ නිසා ඒ දෙපළට මුව නොසෑහෙන්න ස්තූති කළා..වෙන සමාගමකට දොසුත් කිවුව..මේකට පැටලෙව්වා කියල... හැබැයි කෙනෙක් ඇහුවාම එහෙනම් ඒකට නීති පියවර නොගන්නේ ඇයි කියල...හරි උත්තරයක් ලැබුණෙ නැහැ.
කලින් පෑලියගොඩ වැඩ කළ කෙනෙක් කිවුව චීනෙන් ගේන පිටි තොග පිටින් හලන හැටි චොකලට් හදන්න..
කොහොම වුණත් මම චොකලට් කෑම අතෑරියා. කැමති අයට කන්න පුලුවන්.. දේශීය නිෂ්පාදන ඉහළට යන එකනම් හොඳයි... ඒත් විශ්වසනීයබව රැකගෙන..
මොකද අපි ඇත්ත නැත්ත දන්නෙ නැහැ.
Post a Comment