Monday, November 17, 2008

මැද පෙරදිග සිට අඩුමිලට ලංකාවට දුරකථන ඇමතුම්....



හුඟ කාලෙකින් ලිව්වේ නැති නිසා හිතුනා මොනවා හරි ලියන්න ඕන කියලා. ලියන්න තරම් විශේෂ සිදුවීම් නම් මෙහෙදි අත්විදින්න සිද්ධ වෙනවා අඩුයි. මොකද මම මගේ පාඩුවේ ඉන්න මිනිහා නේ… කොහොම නමුත් අද කියන්න යන්නේ මැදපෙරදිග සේවය කරන අයට ලංකාවට කතා කරන්න පුලුවන් අඩු වියදම් ක්‍රමයක් ගැන. සාමාන්‍ය දුරකතන ගාස්තුවනම් ටිකක් විතර වැඩියිනේ. ජංගම දුරකතනයකින් ගන්නවනම් විනාඩියට රියාල් 2.30 වගේ (ලංකාවේ මුදලින් රුපියල් 65.00 විතර). සමහර දුරකතන ආයතන අන්තර්ජාතික දුර ඇමතුම් අංක 2 පමණක් විශේෂ වට්ටමක් ලබාදෙනවා. වට්ටමක් දීලත් මිල විනාඩියකට රියාල් 1.70 (ලංකාවේ මුදලින් රුපියල් 48.00 විතර).

කොහොම නමුත් මේ කියන්න යන විදියනම් ගොඩක් ලාබදායකයි. මමත් දැන් පාවිච්චි කරන්නෙ මේකයි. මේකේ නම 12voip තවත් මෙවැනිම සේවා සපයන අඩවි තියෙනවා. (intervoip, voicewoip වගේ) ඒත් මේ 12වොයිප් කියන එක තමයි ලාබම. මේකෙදි වැයවන්නේ රියාල් සත 30 වගේ මුදලක් (ලංකාවේ මුදලින් රුපියල් 8.50 :) ). කොච්චර ලාබද නේ. හැබැයි කොස්සක් තියෙනවා. ඒ තමයි පරිගණකයකුයි, අන්තර්ජාල පහසුකමුයි තියෙන එක. ඒකත් ලේසි වෙනවා ඔබ ඉන්නේ නගරාශ්‍රිත ප්‍රදේශයකනම්. මොකද හැම තැනම ඉන්ටර්නෙට් කැෆේ පිරිලා. සව්දිවලනම් ඉන්නනෙට් කැෆේ එකකට අය කරන මුදල ගොඩක් සාධාරණයි. (වෙනත් මැදපෙරදිග රටවලනම් ගනන් මම දන්නේ නැත) පැයකට රියාල් 3.00 – 5.00 දක්වා තමයි අය කරන්නේ අධිවේගි අන්තර්ජාල සේවයටත්.

ඔබට කරන්න තියෙන්නේ www.12voip.com අඩවියට ගිහිල්ලා මේකේ මෘදුකාංගය බාගත කරගන්න එක. ඊට පස්සේ එක ඉන්ස්ටෝල් කරගෙන ඒකෙන්ම account එකක් හදා ගන්න ඕන. ඊටත් පස්සේ තව කොස්සක් තියෙනවා. ඒ තමයි ඒකට credit දාන්නේ කොහොමද කියන එක. ඒකට කරන්න තියෙන්නෙ ඉන්දියන් (මෙයාල තමයි වැඩි හරියක්ම ඒජන්තයො විදියට ඉන්නේ) අය ඉන්න ඉන්ටනෙට් කැෆේ එකකට ගිහිල්ල අහන එක එයාල ලඟ 12වොයිප් කාර්ඩ් තියෙනවද කියලා. එයාල ලඟ නැත්නම් එයාලගෙන්ම අහල දැන ගන්න පුලුවන් කොහෙන්ද ගන්න පුලුවන් කියලා. නැත්නම් 12වොයිප් වෙබ් අඩවියේම තියෙනවා resellers ලගේ විස්තර. මමනම් ජෙඩා නගරයේ (මම ඉන්නේ රියාද් නගරයේ) ඉන්න ඉන්දියන් බුවක්ට කියලා තමයි credits දා ගන්නේ. මම කරන්නේ එයාගේ බැංකු ගිණුමට සල්ලි බැර කරලා එයාට ඒ ගැන දැනුම් දෙන එක. එතකොට එයා පැය 2 ඇතුලත මගේ වොයිප් ගිනුම අලුත් කරනවා… ටිකක් risky වැඩක්. මොකද සල්ලි අරන් මාරු උනොත්. ඒත් යමක් ලබන්න යමක් කැප කරන්න එපැයි. අනිත් එක ඉතින් විශ්වාසේ තමයි.

අනිත් එක තමයි මේකේ මිල ගනන්. යුරෝ 5.00 මිල වටින කාඩ්පතක් රියාල් 45.00 – 55.00 අතර වෙනවා. යුරෝ 10.00 වටින කාඩ්පතක් රියාල් 70.00 – 85.00 අතර වෙනවා. (මේකේ මිල වෙනස් වෙන්නෙ ඉල්ලුම සැපයුම අනුව සහ විනිමය අනුපාත වෙනස් වීම මත)

ඒ වගේම තවත් සමහර රටවලට (ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රලියාව, නවසීලන්තය වැනි රටවලට) නොමිලේම කතා කරන්නත් පුලුවන්.

මේක කියන්න යන වේලාවට වඩා කරන්න යන වේලාව බොහොම සුළුයි. ඒ නිසා උත්සහ කරලම බලන්න.

මෙන්න තව දැනගන්න ඕනනම් විස්තර.

මොකක්ද 12voip කියන්නේ - http://www.12voip.com/en/whatis12voip.html
මිල ගනන් - http://www.12voip.com/en/calling-rates.html

උදව්වක් එහෙම ඕනනම් කතා කරන්න, නැත්නම් මට විද්‍යුත් තැපැලක් දාන්න, දන්න දෙයක් කියලා දෙන්නම්. හැබැයි ඔන්න මම මේ 12voip ඒජන්තයෙක් නම් නෙමෙයි හොදේ.

055 6501825 - සව්දි අරාබියාව
ඊ මේල් : mhjunaideen@gmail.com

1 comment:

universalhope said...

Thanks. this is very useful.