Monday, March 17, 2008

මැදපෙරදිග උස කුළුණු උන්මාදය

ලොව උසම කුලුන ජෙඩා නගරයේ ඉදිකිරීමට සවුදි අරාබිය සැරසෙයි෴

අඩි 5249 ක් උස ලෝකයේ උසම කුලුන සෞදි අරාබියාවේ ජෙඩා නුවර තැනීම සඳහා දැනට මූලික කටයුතු කෙරෙමින් පවතී. එහි කටයුතු නිමවූ විට දැනට කුවේට් හා ඩුබායි නගරවල පිහිටා ඇති උස් කුලුනු සියල්ල අභිබවා යනු ඇත.

“නිව්යෝර්ක් ප‍්‍රීඩම් ටවර්” කුළුන ඇතුලු අලුතින් තනාගෙනයනු ලබන නව නිර්මාණ කිසිවක් අඩි 2296 උස ඉක්මවා නොයනු ඇත.

සවුදි කෝටිපති, අල්වලිඩ්බින් තලාල් කුමරුගේ පාලනය යටතේ පවතින කිංඩම් හෝල්ඩින් සමාගම විසින් ලඟදී නව ගොඩනැගිල්ල තැනීම සඳහා ටෙන්ඩර් කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ. (මීට පෙර වාර්තා තැබු “කිංඩම් ටවර්” නම්වු ගල්ෆ් කලාපයේ උසම කුලුනද මෙම කිංඩම් හොල්ඩින්ස් සමාගමේ නිමවුමකි.)

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත පිරිවැය බිලියන 10 කි. අමෙරිකානු ඉංජිනේරු බලවතා වශයෙන් ප‍්‍රකට බැක්ටෙල් ඉදිකිරීම් කළමනාකරු වශයෙන්ද, සෞදි සමාගමක් වන ඔම්රානියා ගෘහනිර්මාණ ශිල්පීහු ලෙසද කටයුතු කරති.

මේ අතර අරාබි සාහිත්‍යයේ “1001 රාති‍්‍රය” නිරූපනය වන අයුරින් මීටර් 1001 (අඩි 3284) උසැති කුලුනක් තැනීමට කුවේට් දේශය සැලසුම් කරමින් සිටී.

එය අපේක්ෂිත පරිදි 2030 දි නිමවූ විට ඒතුල 750,000 දෙනෙකුට පදිංචිවීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ. මෙතෙක් ලෝකයේ උසම කුලුන වශයෙන් සැලකුණු තායිවාන් 101 කුලුන අභිබවා අඩි 1680 ක් උස බාර්ජ් ඩුබායි ඉදිරියෙන් සිටී.


"කිංඩම් ටවර්" ගොඩනැගිල්ල
වාර්තාවට හිමිකම් කියන ගොඩනැගිල්ල නිමවුමෙන් පසු දිස්වෙන ආකාරය

No comments: