Sunday, February 10, 2008

කැළණිය කැම්පස් එකෙත්………

කැළණිය කැම්පස් එකේ බුවාලා බුවීලා සෙට් එකක් ගහ ගත්තා කියන්නේ

සමහර විට යුද්දෙට යන්න අවශය කරන පෙරහුරුවක්ද දන්නේ නැහැ


අධ්‍යාපනය උනත් නිකන් දුන්නම ඔහොම තමයි කිසි අගයක් නැහැ. ඒකනේ පාඩම් වැඩ පාඩු කරන් දේශපාලනය කරන්න ගිහිල්ලා ගුටි ඇන ගන්නේ


මොන්ටිසූරියේ ඉදන්ම සල්ලි ගන්න ඕන අධ්‍යාපනයට, එහෙම නැතුව අපේ අයව හදන්න බැහැ


අනේ සි.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා හිටියනම් මොනවා නොහිතෙයිද නේ ????

4 comments:

Leo Sadeepa said...

කතාව ඇත්ත ... මේ මැටි හරක්ට නොමිලේ උගන්නන එකේ ඌශ්නේ වෙන්න ඕනෙ මේ.. කැම්පස් එකේ වෙනම නීතියක් නෑ නේ ! අල්ලල නිසි ක්‍රියාමාර්ග ගත්තනම් ඉවරනේ!

දිලාන් said...

කැම්පස් ඒකේ ගැටුමට විසදුම විදියට ඔබ ද්කින්නේ මොන්ටිසොරියේ ඉදලම සල්ලි වලට උගන්වන එක. ඔබ හිත්න්නේ එතකොට හැදෙවි කියලා. මම හිත්න්නේ ටියුශන් පන්තිවල/පෞද්ගලික අදයාපන ආයතන වල සිදුවන ගැටුම් ගැන ඔබ අමතක කරලා කතාකරන්නේ. සරසවි තුල දේශපාලනය නිසා ඇතිවන ගැටුම් කිසිසේත්ම අනුමත කරන්න බැ.එත් පිරිහෙමින් යන සමාජයේ ඇති සරසවිය යන උප සමාජය නොපිරිහේ යැයි සිතනවා නම් එයද අනුච්තවේ. අමතක කරන්න එපා මේ නිදහස් අදයාපනය නිසා විශාල බුද්දිමතුන් පිරිසක් බිහිවෙලා ඉන්න බව.පැල්පතෙන් මන්දිරයට යන්නෙ හොදම මග වැටිල තියෙන්නේ නිදහස අදයාපනය හරහා. ඒ මග නැතිකරන්න අවශය වෙන්නේ සමාජයේ වැජබෙන දනපතින්ටත්, එයින් හරි ප්‍රොයෝජනය ගත්තේ නැති, සුලුප පිරිසකටත්‍ පමණය.

Anonymous said...

ටියුශන් සහ පුදගලික පන්තිවල ගොඩක් වේලාවට ඇතිවන්නේ පෙම් පලහිලව්. එයත් සරසවියේ ප්‍රශ්නත් එකක් ලෙස ගත නොහැකියි. සරසවියෙන් පිටවන විට රටට දේශපාලනමය හෝ සමාජිය නායකත්වයක් දිය හැකි පුද්ගලයෙක් පිටවිය යුතුයි. නමුත් එය සිදුවිය යුත්තේ සරසවියේ ඉගෙන ගන්නා කාලය තුල නොවේ. අපේ රටේ සරසවියෙන් පිටවන අයට රජයෙන් රැකියා පවා සොයා දිය යුතුව තිබෙන්නේ අන්න ඒ නිසයි. ඉගෙන ගන්නා කාලය තුල පිකටිං, උද්ගෝෂණ එත් සරසවියෙන් එලියට එනකොට නිකන් පුළුන් බබාලා. අමතක කරන්න එපා. මේ රටේ ජාතික ධනයයි මේ විනාශ වෙන්නේ. හිඟන්නාත් බදු ගෙවන රටේ :)

**එත් පිරිහෙමින් යන සමාජයේ ඇති සරසවිය යන උප සමාජය නොපිරිහේ යැයි සිතනවා නම් එයද අනුච්තවේ** සරසවිය කියන්නේ පිටතින් විසබීජ වපුරන්න පුලුවන් තැනක් නොවේ.

**මේ නිදහස් අදයාපනය නිසා විශාල බුද්දිමතුන් පිරිසක් බිහිවෙලා ඉන්න බව.** බුද්දිමතුන් බිහිවන්නේ නිදහස් අධ්‍යාපනය නිසාම නොවේ. නමුත් එය එක් සාධකයක් පමනි. එමෙන්ම බිහිවු බුද්දිමතුන් බොහෝමයක් රට හැර ගොසින්. ලැබු නිදහස් අධ්‍යාපනයෙන් ලංකාවට සෙතක් නොවෙයිනම් මොකටද නිකන් දෙන්නේ.

දිලාන් said...

"සරසවියෙන් පිටවන විට රටට දේශපාලනමය හෝ සමාජිය නායකත්වයක් දිය හැකි පුද්ගලයෙක් පිටවිය යුතුයි".
*** ඔවු

"නමුත් එය සිදුවිය යුත්තේ සරසවියේ ඉගෙන ගන්නා කාලය තුල නොවේ"
*** එය එක් තැනක සිදුවන දෙයන් නොවේ.එය පාසල, සරසවිය හා යමෙකු ජිවත්වන සාමාජයෙන් ඔහු ලබාගන්නා දේවල ප්‍රතිපලයක්.එයට සරසවියෙන් ලොකු පිටුබලයක් ලැබෙනවා.

"අපේ රටේ සරසවියෙන් පිටවන අයට රජයෙන් රැකියා පවා සොයා දිය යුතුව තිබෙන්නේ අන්න ඒ නිසයි"
***රජයේ රැකියා බලාගෙන ඉන්නේ එක්තරා උපාදි පාටමාලා කිහිපයක් හැදැරු පිරිසක් විතරයි.

"සරසවිය කියන්නේ පිටතින් විසබීජ වපුරන්න පුලුවන් තැනක් නොවේ. "
***සරසවිය යනු උප සමාජයකි. එනම් එය ඇත්තේ සමාජයේ ඇතුලතය.සමාජයේ ඇති දේ (විශබිජ පවා) සරසවි උප සමාජයට එම ස්වභාවිකය.

"බුද්දිමතුන් බිහිවන්නේ නිදහස් අධ්‍යාපනය නිසාම නොවේ. නමුත් එය එක් සාධකයක් පමනි."
***එය දැනට ලංකාවේ ඇති ප්‍රදානම සාදකයයි.නමුත් එකම සාදකයද නොවේ.
"එමෙන්ම බිහිවු බුද්දිමතුන් බොහෝමයක් රට හැර ගොසින්. "

***බොහොමයක් රට හැට හොස් යැයි කියන්නේ කුමන සාදක මතද?රට හැර හොස් ඇති අයද ඇත. එහෙත් එය බහුතරය යැයි මම නොසිතමි.

"ලැබු නිදහස් අධ්‍යාපනයෙන් ලංකාවට සෙතක් නොවෙයිනම් මොකටද නිකන් දෙන්නේ."
***මොන්ටිසොරියේදිම අනාගතයේ බුද්දිමතුන්වි, රට හැරයන අය කවුද යැයි හදුනාගත හැකිනම්. ඔවුන්ට පමණක් නිකන් නොදිම කල හැක. එසේ නැතිව ඔබ පවසන ආකාරයට " සියලු දෙනාටම නිකන් නොදිම සාදාරණ නොවේ.අමතක කරන්න එපා තාවකාලිකව රට හැර ගොස් සිටින(රැකියා සදහ) උගතුන්, ඔවුන් මේරටට එවන මුදල් ප්‍රමාණය.