Thursday, February 14, 2008

happy wal+in+time (වැලntine) day !!!

ඔන්න අද වැලන්ටයින් දිනය වේලි වේලි ඉන්න මල්, සුභ පැතුම් පත් සහ සර්ව පිත්තල ආභරණ බිස්නස්කාරයන්ගේ මඩිය තරවෙන දවස. ආසියාතික රටවල තමයි මේ වැලන්ටයින් වලට අම්බානක පබ්ලිසිටි. මොකද ඉන්න තරමක් ඉන්නේ බටහිර දේ අගය කරන අයනේ


ඔන්න ඔයාල දන්නවනේ මම ඉන්නේ සව්දි අරාබියේ කියලා මෙහෙනම් අද දවසේ කිසිම මල් වෙළඳසැලක රතු රෝස විකුනන්න බැහැ. (හැබැයි කලින්න අරන් ශිතකරණෙ තියාගන්න අය ඕන තරම්.) ඒ වගේම කව්රු හරි පොදු ස්ථානයක රෝස මල් අතේ තියන් හිටියත් අත්අඩංගුවට අරන් හිරේ දානවා ඔන්න ඔහොමයි මෙහේ නීති රීති. ඒකට අපේ….... @#%^%$&^&


අවංක ආදරෙන් ඉන්නවනම් හැමදාම වැලන්ටයින් තමයි මෙයා ඕං කිව්වා

පින්තූරය : ෆන්එල්කේ.කොම් වෙතින්

No comments: