Sunday, February 10, 2008

රාමා මානී ……


මේ දවස්වල එහෙන් මෙහෙන් මේ නම ටිකක් ඇහුනා නේද ???

කවුද ?? මේ රාමා මානී

ඉන්දියානු සම්බවයක් ඇති ප්‍රංශ පුරවැස්සියක්.

ඇය ආචාර්‍යවරියක් (මැරවින් වගේ ගත්ත පට්ටමක්ද දන්නේ නැහැ…)
එමෙන්ම ජනවාර්ගික අධ්‍යයන කටයුතු පිලිබඳ ජාත්‍යන්තර ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාවක්

මැය මොනවද කලේ ??

ශ්‍රී ලංකාව තුළ දමිළ වැසියන් සමූල ඝාතනය කරන බවට විවිධ වාර්තා සකස් කර එම කරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දර්ශකයට ඇතුලත් කිරීමට උත්සහ කිරීම

අපි මොනවද කලේ ??

දින නියම කරලා පිටුවහල් කිරීම (අද රෑ 12.00 (12.02.08 මධ්‍යම රාත්‍රි 12.00) පෙර යන්න තමයි දින නියම කරලා තියෙන්නේ. ගියේ නැත්නම් අත් අඩංගුවට ගැනිමට හැකිය )

මොනවද කල යුතුව තිබුනේ ??

මොන නීතියක් දාල හරි ලංකාවෙම හිර කරන්න. මොකද නැත්නම් ආයේ ඉන්න තැනක ඉදන් ලංකාවට බාල්දි පෙරලන්න බලයි.

එහෙම නැත්නම් කරන්න තියෙන්නෙ අර ඉස්සර වගේ සද්ද නැතිව නිශ්ශබ්ද කරන්න…

No comments: