Sunday, February 5, 2012

මට ආයෙත් ලියන්න හිතෙනවෝ

ආයෙත් බ්ලොග් එකට ලියන්නයි හිතන් ඉන්නේ. බලමු ලැබෙන වෙලාවත් එක්ක කරන්න පුලුවන්ද කියලා..

Wednesday, February 4, 2009

අපි, නිදහස සහ සුද්දා ;)

පසුගිය වසර 61 තුල අපගේ රට පාලනය කලවුන් / කරනවුන්
කරපු කියපු සහ සිද්ධවෙමින් පවතින දෑ දකිනවිට මටනම්
හිතෙන්නේ සුද්දා අපෙන් නිදහස්වී ගොස් වසර 61 ගෙවි ගොස් ඇතිබවයි.




එතකොට නිදහස අපිටද?? සුද්දාටද???


Sunday, February 1, 2009

මගේ වල් පල්. :)

ඔන්න ටික දවසකට පස්සේ ලියන්න හිතුනා, ඒත් මොනවා ලියන්නද කියලා මතක් වෙන්නේ නැහැ හ්ම්ම්.. මේ දවස්වල වැඩ කියලා මහ ලොකු දේවල් තිබුනෙත් නැහැ. ඒත්‍ මොකක්ද මන්දා හරිම කම්මැලි කමක්. රෑට නින්ද යන්නෙ නැහැ, බඩගිනි වෙන්නේ නැහැ. මාර සීන් එක. හැමදේටම හේතුව මගේ ආයතනයට මම දීපු ඉල්ලා අස්වීම වෙන්න ඇති, හැබැයි නින්ද නොයන්නේ රස්සාවෙන් අයින් වෙන නිසා නෙමෙයි, ලංකාවට එන්න ලැහැස්තිවෙන නිසා. ඒ ගැනනම් කියන්න බැරි තරම් සතුටක් තියෙන්නෙ. මේ කාත් කවුරුත් නැති ඒකාකාරි ජිවිතෙන් ගැලවෙන්න තියෙන එකම ලොකුම සතුටක්. හැබැයි දුක තමයි මෙහෙ වගේ පඩියකට රස්සාවක් හොයාගන්න බැරි එක. ඒ වගේම මම අකමැතිම දෙයක් තමයි ඉන්ටවිව්ස්. දැන් ඉතින් ලංකාවට ආවම ආයේ පලයන්කෝ ෆයිල් උස්සගෙන ඉන්ටවිව්ස් වලට. :) වට් ටු ඩු නා බලමු හැමදේම වෙන්නෙ අපගේ හොඳටයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා ලංකාවට ආවම මොන දේ උනත් හොදින් බාරගන්නයි තියෙන්නේ. නැට්ට පිටින් අලි මැරෙනකොට මේවා මොනවද නේ?? ^%(*&#


ඉතින් පහුගිය දවස් ටිකේ වෙනසක්නම් නැහැ ජීවිතේට, උදේට ඔෆිස්, හැන්දෑවට කාමරේට. රෑට ටිකක් ෂොපින්. ඔන්න ඔහොමයි දවස යන්නේ. මෙහෙ ඉතින් රෑට තමයි සාප්පු සවාරි හොඳ.. ගොඩාක් කඩවල් ඇරලා තියෙන්නෙ රෑට. :)


දැන් ගත්ත බඩු ටික ලංකාවට යවන්න ඕන. බඩු ගන්න ගියාට වඩා වියදමක් යනවා බඩුටික ලංකාවට යවන්න ගියාම :) වර්ග මීටරයකට ලංකාවේ මුදලින් 12000 විතර ගෙවන්න ඕන. අපිව හූරගෙන කන්නමයි අපේ අය ඉන්නේ. කාගෝ සර්විස් කරන හැම ආයතනයක්ම කතාවෙලා එකම ගාන තමයි ගන්නේ. අදුරන කෙනෙක් හිටියොත් රියාල් 10-15 අඩු කරයි, එච්චරයි. මමත් ෂිපිං ෆිල්ඩ් එකේ නිසා දන්නවා එයාල හොයන ගාන, විශ්වාස කරන්න අඩි 40 කන්ටේනර් එකක් පැටෙව්වොත් ඩොලර් 3000 කට වැඩියෙන් හොයන්න පුලුවන්. මාසෙටම කන්ටේනර් 4 පැටෙව්වත් ඇති සැපට ඉන්න පුලුවන් කාගෝ කරන අයට :)


පෙරේදා බැලුවා ස්ලම්ඩොග් මිලියනර්. එළ ෆිල්ම් එක. මටනම් හිතෙන්නේ කාලෙකට පස්සේ බලපු හොඳම ෆිල්ම් එකක්. ටොරන්ට් එකකින් බාගත්තේ නැත්නම් බලනවා බොරු. ඉන්දියාව අපේ දේවල් වලට අත දානවා ඒත් ලෝකේ තියෙන ලොකුම මුඩුක්කුව තියෙන්නෙ ඉන්දියාවේ. එහෙදි තමයි මේ ෆිල්ම් එකත් රූගත කරලා තියෙන්නේ. අර අපේ බ්ලුමැන්ඩල් කුනු කන්ද වගේම බොම්බායේ තියෙන මේ මුඩුක්කු සමුහය පාතාලයේත් අනිත් කෙරුම්කාරයන්ගෙත් සල්ලි හොයන තෝතැන්නක්. (ඉන්දියාව තමන්ගේ තියෙන ප්‍රශ්න විසදගන්න එක කොච්චර හොඳද අපිට කොක්ක ගහන්න එන්නේ නැතුව. (ඉන්දියාවේ තියෙන ප්‍රශ්නනම් වෙනම පොතක් ලෙස එළිදැක්විය යුත්තකි))


ඊයේ රියාද් ගුවන් තොටුපලට ගියා යහළුවෙක්ව ගන්න. එකම වෙලාවෙ ගුවන් යානා හතරක් ඇවිල්ලා. බලන්න එපැයි එක එක අයගේ ලස්සන. :) ලෙබනන් ෆ්ලයිට් එකක් ආවා, ඒකේ හිටපු කෙල්ලො ටික දැක්කම මිස් වර්ල්ඩ් ලා මොනවද කියල හිතෙනව අප්පා. පුහ් පිස්සු හැදෙන ලස්සනක්නෙ උන්ගේ. කිරි ටොයි පාට :) අර යූරෝපිය කුනු සුදු පාට නෙමෙයි මේක අමුතුම පාටක්. කොහොම නමුත් ඉරාන, ලෙබනන් සහ කාශ්මීර කෙල්ලන්නම් මාරම ලස්සනයි. (ලංකාවේ කෙල්ලොත් මාරම ලස්සනයි හොදේ. නියම පාට, හොඳ හිත, කොච්චර දැක්කත් ආයේ ආයේ බලන්නමයි හිතෙන්නේ. - මෙන්න බටර් )


මම මේ දවස්වල rapidshare ෆයිල්ස් බාගන්න මෘදුකාංගයක් භාවිතා කරනවා. සමහර අය දන්නවත් ඇති, ඒත් ඉතිං නොදන්න අයට හොඳයිනේ දැනගන්නත් එක්ක නේද? ඒකේ නම තමයි jDownloader මමනම් මෘදුකාංග ගැන හොඳටම දන්නේ නැහැ. ඒත් මම ෆයිල් ටිකක් බාගත්තා මේක පාවිච්චි කරලා. අනිත් එක මේක නොමිලේම බාගන්නත් පුලුවන්. රැපිඩ්ශෙයා ප්‍රිමියම් ගනි අපිනම් සල්ලි දිලම. පාවිච්චි කරන ඔක්කොම පට්ට හොර මෘදුකාංග. අපි තුන්වන ලෝකයේ රටවල්නේ, අපිට පුලුවන්ඳ අප්පා ඩොලර් දීලා ඔරිජිනල් ගන්න. :)


ඉතිං වෙන මොනවැයි?? අනේ මන්දා මමත් මගේ වල් පල් ලියනවා හැරෙන්න අවශ්‍ය දෙයක් ලියන්නේම නැහැනේ. ඒත් ඉතිං වෙන මොනවැයි කියලා ලියන්නෙයි දන්න තියෙන දෙයක් ගැන ලියනවා හැරෙන්න.


අපේ අර මාද්‍ය සහෝදරයන්ට ගහලා හමාරද??? නැත්නම් තව සබ්බුව දෙන්න තියෙනවද දන්නේ නැහැ නේද? විමල් විරවංශ බුදියැව්වේ කාත් එක්කද? විමල්ගේ ගෑණී අද ඇදලා ඉන්න යට ඇදුමේ පාට මොකක්ද? කියන එක පවා හොයලා කියන මේ මාද්‍ය සහෝදරයින්ට තමන්ට ගහලා යන උන්ටික හොයා ගන්න බැරිවීම ගැනනම් මට දුකයි.


හ්ම්ම් දැනට නම් එච්චරයි, අකමැත්තෙන් හරි කියෙව්වට ස්තුතියි. ලිවිමේ කලා රසයනම් මට නැත, ඒ නිසා ඔන්න ඔයේ ලියවේ. :)


අපේ රට වෙනුවෙන් ත්‍රස්තවාදින් මර්ධනය කරමින් ඉදිරියට ඇදෙන අපේම සෙබළ සොයුරන්ට මාගේ හදපිරි

උත්තමාචාරය

ජය පිට ජය නිසැකයි.

Friday, January 16, 2009

::: මෙන්න ලක්ෂපතියෙකු වෙන්න සක්විති වරමක් :::

ඔබගේ උත්සහාය අනුව කෝටිපතියෙකුද විය හැකිය.




එයා ටෙල්, මෙයා ටෙල්, අන්තිමට ඔක්කොම පොල්තෙල්

නිකම් දෙනවනම්,‍

පොරෝ පාරක් උනත්

ගන්නට රෙඩි

අපේ අය

පෝලිමේ සිට

එයාටෙල් සිම්

ගත්හ



ප.ලි. : ඉන්දියාව ශ්‍රි ලංකාවේ ස්වෛරිභාවයට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන නිසාවෙන් මම මෑතක සිට උග්‍ර ඉන්දියානු විරෝධියෙක්මි.

Monday, January 12, 2009

එයාර් ටෙල් ගාස්තු :)

මට ලැබුනු විදියටයි මේ. ඇත්ත නැත්ත දන්නේ නැත.

ප්‍රභාකරන්ව බංකරයකින් සොයාගනී....

මීලඟට කව්ද????

මෙන්න ඇමති රාජිතගේ අධිතාක්ෂණික රැකියා

පුවත උපුටා ගැණීම- සිළුමිණ (11.01.2009)

අධි තාක්ෂණික රැකියා සඳහා වෙබ් අඩවියක්

ඇමැති රාජිත සේනාරත්න මහතා වෙබ් අඩවිය ආරම්භ කළ අවස්ථාව.

2009 ජාවා ශ‍්‍රී ලංකා මෘදුකාංග ප‍්‍රදර්ශනය හා සම්මන්ත‍්‍රණයට සමගාමීව අධි තාක්ෂණික රැකියා සඳහා අයදුම් කිරීමට www.hitecjobmarket.com නමින් වෙබ් අඩවියක් ආරම්භ විය.

වෙබ් අඩවිය ආරම්භ කිරීම, ඇමැති රාජිත සේනාරත්න මහතා අතින් ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යංශයේ දී පසුගියදා උත්සවාකාරයෙන් සිදු විය.

එහිදී අදහස් ප‍්‍රකාශ කළ ඇමැතිවරයා පැවසුවේ එමඟින් අප ශ‍්‍රී ලංකාවේ දක්ෂ දූ පුතුන්ට රැකියා සඳහා විදේශ වෙළෙඳ පොළක් ඇතිවන අතර ඒ සඳහා අවශ්‍ය ශ‍්‍රම බළකාය ශ‍්‍රී ලංකාවෙන් බිහිවීමට අවස්ථාව සැලසෙන බවයි.

මේ විශාල ජාතික මෙහෙවරේදී ජාවා තාක්ෂණය පදනම් කරගත් බුද්ධිය පදනම් වූ ශ‍්‍රම බළකායක් බිහි කිරීමට මේ තාක්ෂණය විශාල පිටුවහලක් වන බවද ඒ මහතා පැවසීය.


@

@

@

@

@

@

@

@

@

@

@

@

@

@

@





ඇමති (ප)රාජිත වැඩක් පටන් ගත්තම ලප් තැනම ලොප් වීම සාමාන්‍ය සිරිතකි. :) :)

Sunday, January 11, 2009

මගේ පසුගිය සතිය :)

හ්ම්ම්… මොනවද ලියන්නේ… පහුගිය දවස්වලනම් මොකුත් ලියන්න බැරි උනානේ. විජේසේකර එක බෝර්ඩ් එක පුරුදු වෙන එකත් එපාවෙනවා හෙමින් හෙමින් කොටන්න ගියාම. :) කොහොම හරි විජේසේකර එක තාවකාලිකව අයින් කලා. ආයේ ඒක පුරුදු වෙන්න හිතෙනකම්. සව්දි අරාබියාවට ආවට පස්සේ මමනම් ගොඩක් කම්මැලි වෙලා කියලයි හිතෙන්නේ. නිදාගත්තම නැගිටින්න හිතෙන්නෙ නැහැ., වාඩි උනාම හිටගන්න හිතෙන්නේ නැහැ. අනේ මන්දා කන එකටනම් කිසි කම්මැලි කමක් නැහැ. :)

මේ දවස්වල මට සතුටු වෙන්න කාරණා දෙකකුත් දුක් වෙන්න ලොකු කාරණාවකුත් තියෙනවා. පලවෙනි සතුට තමයි අපේ රණවිරුවන් කොටි බල බිදමින් ඉදිරියට ඉදිරියට යන එක. ඒකනම් මම හිතන්නේ ශ්‍රි ලාංකික හැමෝගෙම සතුටනේ. මට දැනෙන දෙවෙනි සතුට තමා ලංකාවට එන්න ලැස්ති වෙන එක. :) :) ඒත් දැනෙන ලොකුම දුක තමා මාගේ පලස්තීන මුස්ලිම් සහෝදර සහෝදරියන්ට අත්වෙලා තියෙන ඉරණම. තමන්ගෙම භූමියේ අනාථයන් වීම වගේම කුඩාදරුවන් කාන්තාවන් ඉතා කුරිරු ප්‍රහාර වලින් මියයාම. ලංකාවේ සිදුවෙන ඉතාම සුලු දේටත් කෑ කෝ ගසන විදේශිය බලවේග මේ ඊශ්‍රායිල් අමනුස්සකම් වලට කිසිවක් නොකිම ඔවුන්ට මිනි මරන්න අනුබල දිමක් හැටියටයි මට හිතෙන්නේ. ඒකට උන්ටම දොස් කියලා වැඩකුත් නැහැ. අද ඉස්ලාමිය පාලනයන් පවතින රටවල් පවා වචනයක් නොකියන කොට අනිත් උන්ට මොන රුදාවක්ද?? මැද පෙරදිග කලාපයේ රටවල් යනු මුළු මුස්ලිම් ජනග්‍රහනයෙන් 19% විතරයි. වැඩිපුරම මුස්ලිම්වරු ඉන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ. ඒත් ආර්ථික අතින් වත් පොහොසත්කම් තියෙන්නේ මැද පෙරදිග රටවල් වලට. තමන්ගේ ආර්ථික කටයුතු වැටෙයි කියලා බයට කට වහගෙන ඉන්නවද දන්නේ නැහැ. කෙසේ නමුත් ලංකාවෙනම් ජාති ආගම් වලින් ඔබ්බට ගිය එකමුතුකමක් මේ පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබෙන බවනම් පේන්න තියෙනවා. ඒකත් හොඳ දෙයක්.

මමනම් වහාම ක්‍රියාත්මක වන පරිදි සියළුම ඇමරිකානු සහ ඊශ්‍රායිල නිශ්පාදන පරිහරණය කරන එක නැවැත්වුවා. පෙප්සි, කොකා කෝලා සහ නොකියා නිශ්පාදන ඒ අතරින් විශේෂයෙන්ම නවතා දැමුවා. මුස්ලිම් සහෝදරයෙක්ගේ පපුවට වදින උන්ඩයකට සතයකින් හරි උදව් දෙන්නේ මොකටද.??? මම දන්න අදුනන හුඟ පිරිසක් මෙම නිශ්පාදන නවත්වලා. මමත් පෙප්සි වෙනුවට දැන් බොන්නේ අල්සි කෝලා කියන සව්දි නිශ්පාදනයක්. (හැබැයි මේ කෝලා බීම ශරිරයට හොඳ නැහැ කියලා දන්නවා)

හ්ම්ම් තව මොනවයි පහුගිය දවස්වල විශේෂයන්… සිරසට ගහන කොටයි, ලසන්තට ටිකට් එක දෙනකොටයිනම් මම රියාද් නගරයේ හිටියේ නැහැ. මම මක්කමට ගියා වන්දනාවේ. විශේෂයෙන්ම යන්න හිතුවේ ලංකාවට එන්න ලං උනාම යන්න වෙලාවක් තියෙයිද දන්නේ නැහැනේ කියලයි. ඒ වගේම පලස්තීන ජනතාව වෙනුවෙන් යාඥාවකින් හරි දායක වෙන්න තියෙන උවමනාවත් තිබුනා.

සව්දි අරාබියාවේ පලස්තීනයන් වෙනුවෙන් මහා ලොකු සම්මාදමක් තිබුනා. දේශීයයන් සහ විදේශීයයන් එකතුවෙන් ඩොලර් මිලියන 125 ක මුදලක් එකතු කරගන්න හැකිවෙලා. ඒ බෝහෝම සුලු කාලයකින්. මම හිතන්නේ සතියක් තුල එකතු කරගත් මුදල තමයි ඒ ඩොලර් මිලියන 125. ඊට අමතරව සමහර කෝටිපතියන් ලොරි ගනන්, කූඩාරම්, බ්ලැන්කට් සහ බෙහෙත් ද්‍රව්‍ය සපයා තිබුනා. ඒ වගේම මදි නොකියන්න ලේත් දන්දීලා තිබුනා.

සුදාරක මලයාගේ බ්ලොග් සටහනේ හැටියටනම් පොර සුපර් සිරස විරෝධියෙක් වගෙයි. කොහොම නමුත් සිරසටනම් සැලකිය යුතු පාඩුවක් නොවෙන්න ඇති රක්ෂණය කරලා තියෙන නිසා. දකුණු ආසියාවේ තාක්ෂණික අතින් ඉතා ඉහල ආයතනයක් ඉතා සුළු ආරක්ෂාවක් යටතේ තිබීම නම් විමතියට කරුනක් තමයි. හැබැයි සිරස කොටින්ට උදව් දීලා තිබුනනම් අනිවාර්යමයෙන් දඩුවම් දියයුතුමයි. නමුත් දඩුවම් දීපු විදියයි වැරදි. අපි හැමොටම සිරස ගැන දැනෙන දේවල්, ආරක්ෂක අංශ සහ ආණ්ඩු වලට නොපෙනෙන එකයි වරද?? එහෙම වැරද්දක් වෙනවා කියල දන්නවනම් කරන්න තිබුනේ රජ එෆ්. එම් එකට කලා වගේ තහනම් කරලා දාන්න. මොකද ඒව කරන්න නිතී නැතිව නෙමෙයිනේ. අනිත් එක ජනාධිපතිතුමා මෙච්චරකල් පොහෝදින ධර්ම දේශනාව විකාශය කරන්න දීලා තියෙන්නේ කොටින්ට. අනේ කාට කියන්නද ????

ලසන්තනම් පව්. එයාගේ ජිවිතේ අදුරු පැත්තනම් දන්නේ නැහැ. ඒත් සමහර දේශපාලකයන්ගේ හොද හොද වගතුගනම් ඔහු සතුව තියෙන්න ඇති. හොඳ මාධ්‍යවේදියෙක් නැතිවීමනම් පාඩුවක්ම තමයි ඉතිං. හැබැයි මමනම් ලංකාවේ මාද්‍යවේදින් ගැන හොඳ ආකල්පයකින් නෙමෙයි ඉන්නේ. හුඟක්ම ඉන්නේ බඩගෝස්තරවාදි, අවස්ථාවාදි පිරිසක්.

යුද්දේනම් ජයකනුව ලඟම. දෙයියනේ කියලා මොනවා හරි කරගෙන නිදහසින් ඉන්න පුලුවන් වෙයි අපි හැමෝටම. හැබැයි ඒකට හැම කෙනාගෙම ආකල්ප වෙනස් වෙන්න ඕන. නැත්නම් මේ ත්‍රස්තවාදයට විරුද්ධව ලබන ජයෙන් පලක් නැති වෙනවා.

කොටින්ගේ ලොක්කො වගයක් හමුදාවට බාරවෙන්න යනවා කියලා ලක්බිම පත්තරේ තිබුනා. ඒක ඒ විදියටම උනත් කරපු වැඩවලට දඩුවම් දෙන්නම වෙනවා. මොකද නැත්නම් පොඩි දේටත් කුදලගෙන ගිහින් මහ උළු ගෙදර දාන අයට වෙන අසාධාරණයක්. මම අහල තියෙන විදියට පොඩි පොඩි වැරදි කරපු අය සහ වැරදි නොකර කුදලගෙන ගිය අය ඉන්නවලු ඇප දෙන්න සල්ලි නැතුව. ලොකු ලොකු ගනන් නෙමෙයි රුපියල් 800-900 ඇපදෙන්නවත් පුලුවන් කමක් නැතිඅය ඉන්නව කියලයි මම අහල තියෙන්නේ.

හ්ම්ම්.. තව මොනවද.????? දැනටනම් එච්චරයි මතක් වෙන්නෙ. පොඩි බඩගින්නකුත් තියෙනවා කන්න ඕන මොනව හරි. මම එහෙනම් මේක දාලා පොඩි බඩගින්න නිවෙන්න ලොකුවට මොනවා හරි කාල එන්නම් හොඳේ.

Saturday, January 3, 2009

මමයි, විජේසේකරයි..... :)

ඔන්න මමත් මාරු උනා වි‍‍‍ජේසේකර යතුරු ලියනයට

මෙච්චරකල් ලිව්වේ ගාර්ප් එකෙන්. ප්‍රමිතියක් තියෙන එකකින් ලියන එක හොඳයි කියල හිතුනා. හැ‍බැයි බොහොම හෙමින් තමයි කෙටිල්ල. තාම පුරුදු වෙනවා.

ලොකු දේවල් ලියන්නම් හොඳටම පුරුදු උනාම හො‍ඳේ.


කොටි බල බිඳ ගෙන ඉදිරියට ඇදෙන අ‍පේ රණවිරුවන්ට ජයෙන් ජයම ලැ‍බේවා...


එක රටක් තුල අපි සැමටම සාමයෙන් සහෝදරත්වයෙන් ඉන්නට ලැ‍බේවා...




ඇමුණුම උපු‍ටා ගැනිම - රිවිර.lk


Wednesday, December 31, 2008

ඊශ්‍රායිලය විසින් පලස්තීනයේ කරනලද සැහැසිකම් වලින් බිඳක්......

g-massacro20.jpg
A Palestinian man cries over the body of his son following an Israeli air strike in Gaza December 27, 2008.

Bodies of Palestinian Policemen killed in the Israeli airstrike

Bodies of Palestinians are seen at Shifa hospital in Gaza December 27, 2008

Bodies of Palestinian Policemen killed in the Israeli airstrike

In this image taken from APTN video, Palestinian men carry two injured children into hospital after Israeli aircraft struck.

Palestinians lift a wounded woman to a vehicle after Israeli air force attacked Gaza City December 27, 2008.

Palestinians help a wounded man after Israeli air force attacked Gaza City December 27, 2008.

Palestinians transport the body of a Palestinian after Israeli air force attacked Gaza City December 27, 2008.

A Palestinian is rushed to hospital after he was wounded in an Israeli air strike on Gaza City.

A wounded Palestinian woman is rushed into hospital in Gaza City December 27, 2008.

Palestinians help a wounded man after Israeli air force attacked Gaza City December 27, 2008

Bodies of Palestinians are seen at Shifa hospital in Gaza December 27, 2008.

An explosion from an Israeli missile strike in the northern Gaza Strip

Smoke and fire are seen after an Israeli air strike in the northern Gaza Strip December 27, 2008

Palestinians inspects a destroyed Hamas police compounds following an Israeli air strike in Gaza December 27, 2008.

Palestinians inspect the site of an Israeli air strike in Rafah, a town in the southern Gaza Strip.

The leg of a Hamas policeman is seen between the rubbles following an Israeli air strike in Gaza December 27, 2008

Smoke rises after an Israeli bomb exploded in Beit Lahiya in the northern Gaza Strip December 27, 2008.

A Palestinian rescue worker inspects damage on a Hamas police compounds following an Israeli air strike in Gaza December 27

Palestinians inspect the site of an Israeli air strike in the southern town of Rafah.

A Palestinian man cries over the body of his son following an Israeli air strike in Gaza December 27, 2008.

Palestinian medics recover the body of a dead woman from the rubble of a destroyed Hamas police compound following an Israeli air strike in Gaza December 27, 2008

A Hamas policeman asks for help as others try to recover a body from a destroyed Hamas police compounds following an Israeli air strike in Gaza December 27, 2008

A Palestinian Hamas policeman inspects the destroyed former office of Palestinian president Mahmud Abbas.

Bodies of Palestinians are seen at Shifa hospital in Gaza December 27, 2008

Palestinians run for cover following an Israeli missile strike in Rafah, southern Gaza Strip, Saturday, Dec. 27, 2008.(AP)

A wounded Hamas policeman lies on the ground following an Israeli air strike in Gaza December 27, 2008.

The body of a Hamas police officer is transported to hospital in Gaza City December 27, 2008.

Bodies of Palestinians are seen at Shifa hospital in Gaza December 27, 2008

A Palestinian woman wounded in Israeli missile strikes is helped into the emergency area at Shifa hospital in Gaza City, Saturday, Dec. 27, 2008. (AP)

Palestinians gather at the site of a security compound used by the Islamic group Hamas following an Israeli missile strike in Rafah, southern Gaza Strip, Saturday, Dec. 27, 2008.


Bodies of Palestinian Policemen killed in the Israeli airstrike



.


Do you Know that Israel has Restarted Slaughtering innocent Gaza People by Recent Arial Attacks?

Israel launched a sudden air attack on Gaza and killed more than 300 people and still continuing
Israel is a great challenge for Islam, humanity and democracy. It is fortified with world super-power, US and its allies and many Multi-national companies
which dedicatedly pouring their profits in supporting the world terrorist, the child killer - Israel.
This is very clear truth. There are clear track record to prove that following companies strive to bring up Israel and establish the Zionist country in our holy land Let's forget about our favorite brands. We sacrifice our tastes for the sake of Innocent Palestinians who are squeezed under Israeli onslught.

Let's swear that we will never use following products in our life


It is our turn. We have to do our part. No point of blaming Arabs who doesn't care about Palestinians. We will be questioned by Allah, therfore, we should have done something to answer him.

Monday, December 29, 2008

Gaza Airstrikes: A WOUNDED TERRORIST

'An earthquake on top of your head'

Dr Eyad Al Serraj, a practising psychologist in Gaza City, describes his family's terror as the Israeli attack began

A wounded girl is carried to hospital after Israel's attack on Gaza

A wounded girl is carried to hospital after Israel's attack on Gaza Photograph: Majed Hamdan/AP

The bombing went on for about 10 minutes. It was like an earthquake on top of your head. The windows were shaking and squeaking. My 10-year-old was terrified, he was jumping from one place to another trying to hide. I held him tight to my chest and tried to give him some security and reassure him. My 12-year-old was panicking and began laughing hysterically, it's not normal. I held her hand and calmed her and told her she would be safe. My wife was panicking. She was running around the apartment looking for somewhere to hide.

We live on the ground floor so we headed to the basement.

Not very far from our home is the headquarters of the police and there was a massive bomb. The chief of police was killed. Two streets away there was another bomb and more people were killed. The office of the president is about one kilometre from our house and it was also bombed.

We went downstairs to the basement and tried to hide ourselves from the shelling. The child of one of our relatives, who lives in our building, finally came home from school. We hadn't been able to find her. All the phone connections were jammed. She came home and she was in a very serious state of shock. She was pale and trembling and she was describing dead bodies in the streets. On her way home she passed Hamas people in uniform and they were dead.

I had been very apprehensive when I woke up this morning. I had some bread, some cheese and a glass of tea. Like all the people in Gaza I felt that something was going on and something very serious. When Israel allowed the delivery of food and fuel [when it ended the blockade of Gaza yesterday] I said to myself and my friends that Israel is really planning a massive strike. They don't want to be blamed for starving the people.

I was sitting in the living room with my family trying to figure out what to do today for lunch, it's our main meal. What to cook and how to cook, whether we have enough to eat. There was no rice so I wanted to have lentil soup and my wife said "No, there's no lentils in the market." I said "What else can we do?" She said "I bought some cans of food." We were discussing this when suddenly the whole thing erupted. Suddenly there was a big explosion.

Right now I feel very anxious about what's going to happen. I'm worried about how many more people are going to die.

Sunday, December 28, 2008

ඉස්ලාම් සහ මුස්ලිම්වරු ගැන.

මා ප්‍රිය මුස්ලිම් නොවන සහෝදර සහොදරියනි.,

අන් ආගමක් දර්ශනයක් පිළිබඳව වැරදි ආකල්ප සිතේ තබා නොගන්න. ඒ ගැනත් ඉගෙන ගන්න. බොහොමයක් ශ්‍රි ලාංකික මුස්ලිම් නොවන අයට ඉස්ලාම් ආගම ගැන හෝ මුස්ලිම්වරු ගැන දන්නේ බොහෝම ටිකකි. බොහෝවිට මුස්ලිම්වරුන් අච්චර මෙච්චර කාන්තාවන් විවාහ කරගනිති හෝ මුස්ලිම් මස් අනුභව කරති යන්න පමණක් කීමට දන්නා මුස්ලිම් නොවන අය මා අනන්තවත් දනිමි. ඒ නිසා ඉගෙන ගන්න අන් ආගම් සහ දර්ශන. එය අන් අය ගැන තම සිතේ උපදින ජාතිවාදි හැඟිම් සහ පටු ආකල්ප වෙනස් කිරිමට උපකාරි වේවී. බුදූන් පවා කියා තිබෙන්නේ “අපදාන සෝභිනි පඤ්ඤා” (ප්‍රඥාව / ඥානය චරිතය ලස්සන කරයි) යනුවෙනි.

ඉස්ලාම් ගැන සිංහලෙන් දැනගන්න, ගොඩවෙන්න.

www.yayuthumaga.com
www.sihalamuslims.org

උන් නරකය... අරව හොඳය....

හුඟ දවසකට පස්සේ ශ්‍රි ලංකා රෙස්ටෝරන්ට් එකට ගියා. (රියාද් වල හොදේ.) මම මේ රෙස්ටොරන්ට් එකට ඇවිදින දුරින් හිටියත් (බතා ප්‍රදේශය) යන්නේ බොහෝම අඩුවෙන්. කෑම බීම නම් වැඩියම අව්ලක් නැති උනාට. ලංකාවේ ගතියක්නම් නැහැ. ඒ වගේම ඒ හරියට සෙට් වෙන්නේ අමුතුම කට්ටියක්. කොහොම උනත් රෙස්ටොරන්ට් එකේ තේ එකනම් පට්ට. J හොඳට සීනි එහෙම දාලා දෙන්නේ. ඉතින් මමත් තේ එකක් අරගෙන එලියේ බංකුවේ වාඩි උනා. ඒ ලඟම දෙන්නෙක් බර කතාවක්. කතාව අරාබින්ට පළුයන්න බැනීම. දෙන්නම තරගෙට වගේ අරාබින්ට බනිනවා ආයතනය ගැනයි. අරාබීන් ගැනයි කිය කිය. ඔන්න ඔහොම ටිකක් යනකොට අරාබියා තම්බියා වෙලා අම්බයා වෙලා දැන් ඔන්න සකල ලෝකවාසි මුස්ලිම්වරැන් ගැනම සාකච්චාව. දැන් ඔන්න මා දිහා බලපු කෙනෙක් එයාගෙ හඩ බාල කලා. (එයාට තේරෙන්න ඇති මේ ලඟට වෙලා ඉන්නෙත් තම්බියෙක් කියල) ඒ වගේම එයා කියවන එකත් අඩු කරලා අනිත් කෙනා කියන දේකට විතරක් උත්තර දීලා ඉන්නවා.


ඉතින් තව ටිකක් වෙලා යන්න දීලා මමත් කතාවට බලෙන්ම වගේ එන්ටර් උනා. මොකත මමත් මුසල්මානුවෙක්නෙ. ඉතින් අපිට අම්ම මෝ නැතිම බනින කොට බලන් ඉන්න පුලුවන්ද. ඒ වගේම අතේ පැලවෙන බොරුත් එක්කම. ඉතින් මම ඇහැව්වා එක්කෙනෙක්ගෙන් හරි ප්‍රශ්න නේද කියලා. එයා කියනවා ඔව් මල්ලි. මේ අරාබි හැත්ත එක්ක වැඩ කරන්න බැහැ. අරකයි මේකයි කියලා. ඉතින් මම ඇහැව්වා එච්චර ප්‍රශ්නනම් ඇයි අස්වෙලා ලංකාවට යන්නේ නැත්තේ මුස්ලිම්වරුන්ට බනින්නේ නැතුව කියලා. එයාට එකපාර ටිකක් අප්සට් ගියා. එත් කියන්න ඕන එක අපි කියන්න එපැයි. නැත්නම් හරි නැහැනේ. එතකොට ඒ මනුස්සයා කට වහ ගත්තා. නෝ කතා නෝ සිනා.


මෙහෙ ආව ගොඩක් අය හිතන් ඉන්නේ මෙහෙ රටවල්වලින් මෙයාලව බලෙන් මෙහෙට ගෙනාව කියලා. තමනුත් දැනගෙන, කැමැත්තෙන් ආවේ කියන එක අමතකයි. මම කියන්නේ නැහැ මැද පෙරදිග හැමෝම හොදයි කියලා. මටත් ප්‍රශ්න තියෙනවා අරාබින් එක්ක. ඒත් ඒ ප්‍රශ්නේ නිසා ජාති ආගම් සම්බන්ධ කරලා කතා කරන එක වැරදියි. මොකද කොයි සමාජෙත් කළු බැටළුවෝ ඉන්නවනේ. මම ලංකාවේ ඉන්නකොට වැඩකරල ආයතනයත් එක්ක ප්‍රශ්න තිබ්බා. හැබැයි ඒකට මුලු සිංහල බෞද්ධයන්ටම බැනලා දොස් කියලා වැඩක් නැහැනේ.


කොහොම හරි මම මේ කතාව මගේ යහළුවෙක්ට කිව්වම එයා කිව්වේ අරාබින් නරක උනාට උන්ගේ රියාල් නරක නැහැ කියලයි.එතකොට මට මතක් උනේ කොටින්ට උදව් කරන දෙමළ නොවන අයව. එයාල හිතනවා ඇති කොටි නරක උනාට උන්ගෙ සල්ලි නරක නැහැ කියලා.


ඔන්න ඔහොමයි ලෝකේ J

Wednesday, December 24, 2008

කොහොමද මීදූම අබූඩාබියේ :)

මේ තියෙන්නේ අද උදේ (24.12.08) අබුඩාබි නගරයේ තිබුනු මීදුමේ තරම








විශේෂ ස්තුතිය : ඉන්දීය ජාතික රමේෂ්ට :)