Sunday, November 30, 2008

දැහැටි කූරු ගැන ඔබ දන්නවාද??

මිස්වාක් (දැහැටි කූරු). සමහර විට ඔබ අහල දැකලා ඇති. දැකලා නැත්නම් මෙන්න බලන්න.




බොහෝ මුස්ලිම් අයගේ අතේ රැදිලා තියෙන දෙයක් තමයි මේ දැහැටි කූරු. ලංකාවේ වැඩියෙන් දකින්නට නොලැබුනත් මැදපෙරදිග අයනම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන දෙයක් තමයි මේ දැහැටි කූරු. මේක පාව්ච්චිකරන්නේ නම් දත් මැදීම සදහා.


මේ දැහැටි කූරු ලබාගන්නේ නම්අරක්නමින් හදුන්වන ශාකයක මුල් වලින්. මෙම ශාකයට අයත් විද්යාත්මක නම තමයිසැල්වදෝරා පර්සිකා”. මෙම ශාකය සව්දි අරාබියාව, සුඩානය, දකුණු ඊජිප්තුව, චැඩ් සහ උතුරු ඉන්දියාවේදී දකින්නට හැකියි.


ඉතින් මේ කියන්න යන්නේ මේ මිස්වාක් (දැහැටි කූරු) පාවිච්චි කිරිම නිසා ඇතිවන හොඳ වෙනස් වීම් ටිකක්. මේ පිළිබධව සව්දි අරාබියේකිං සව්ද්සරසවියේ දන්ත වෛද්‍යවරුන් දිර්ඝකාලින පරික්ෂාවකින් පසු සොයාගෙන තියෙනවා මම දැහැටි කූරු වල ඉතාමත් වටින ඖෂධ වර්ග සහ සංඝටක 19 තිබෙන බව.

ක්ෂුද්‍ර ජීවීන් සහ ස්වභාවික විශබීජනාශකයන්ගෙන් සමන්විත මෙම දැහැටි කූරු වල ටැටනික් අම්ලයත් අන්තර්ගතයි. මෙම ටැටනික් අම්ලය විවිධ විදුරුමස් රෝග නිවාරණය සඳහා උපකාරි වෙයි. එමෙන්ම සුවඳතෙල්ද එහි අඩංගු නිසා මුඛය සුගන්ධයෙන් පුරවයි.


තවද දන්තාලේප නිපදවීම සඳහා යොදාගන්නා සෝඩියම් බයිකාබනේට් පවා මෙම දැහැටි කූරුවල පවති.

1986 දී ලෝක සෞඛ් සංවිධානය පවා මෙම මිස්වාක් හෙවත් දැහැටි කූරු පාවිච්චිය අනුමතකර තිබෙන්නේ මෙහි ඇති අන්තර්ගතයත් එයින් ලැබිය හැකි දන්ත සෞඛ්‍යයත් ගැන මනා අවබෝධයක් ඇතිවයි.

සමහර රටවල මෙම මිස්වාක් විවිධ රසකාරකයන් එක්කර විවිධ ලෙස අසුරා වෙළඳපලට යවන අතර මෙම මිස්වාක් වැඩිපුර දැකිය නොහැකි මොරොක්කෝ වැනි රටවල්වලබාර්ක්නම් වු ශාකයේ මුල් යොදාගන්න අතර දකුණු ඉන්දියාවේ හා ලංකාවේ කොහොඹ ශාකයේ අතු යොදාගනි.


මෙම මිස්වාක් දිර්ඝකාලයක් පාවිච්චි කිරිම මගින් මුඛ සෞඛ්‍යයත් එමෙන්ම රස ග්රන්ථිහි හොඳ පැවැත්මත්, මතක ශක්තිය වර්ධනය වීමත්, නිතර ඇතිවන හිස රුදාව නැති වීමත්, කතාකිරිමේදි වචනයන් හී පැහැදිලි උච්චාරණයත් ඇති කරයි. තවද ඇස් පෙනිම හොඳ තත්වයෙන් පවත්වා ගැනිම සදහාත් මෙය උපකාරි වන බව මෙම පරික්ෂණ කණ්ඩායම පවසනවා.


ඔබටත් හිතෙනවනම් පාවිච්චි කරන්න, ටිකක් හොයලා බලන්න ලංකාවෙත් මිලදි ගන්න පුලුවන්. ලොකු මුදලක් වැය කරන්න ඕන වෙන්නෙත් නැහැ.


"අරක්" ශාකය


අන්තර්ජාලය ඇසුරෙන් පරිවර්තනය කර සකස් කරන ලදී෴

Saturday, November 29, 2008

බලන්න මේ නියොන්ලයිට් වැඩකිඩ... මල් හතයිනේ.









එඩ්නා වැටිම සහ නැගිටීම

එඩ්නා…. මේ නම ඇහැව්වම මතක් වෙන්නෙම මෙලමයින් නේද?? :) මොකද අපේ මීඩියා කට්ටිය අමිඩියා වෙන්නම දිගට හරහට බාල්දි ඇද්දේ, පිටු ගනන් නිව්ස් ලිවේ එඩ්නාවල මෙලමයින් තියෙනවා කියලනේ. ඔන්න ඒ හැම කුණුකතාවක්ම බොරු කරගෙන එඩ්නා බඩු ෂුවර් කියලා පර්යේෂණ ආයතන / කණ්ඩායම් තහවුරු කරලා තියෙනවා.

මට මේක බ්ලොග් සටහනට එකතු කරන්නේ එඩ්නා වලට ඇඩ් එකක් දෙන්න නෙවෙයි. ඒත් මට මේ ගැන ලියන්න හිතුනේ මේ ආයතනය වට්ටන්න සමහර මාධ්‍යකරුවන්ටයි, සමහර නිලධාරින්ටයි තිබුනු උනන්දුව ඒ අයගේ නිශ්පාදන මෙලමයින් රහිතයි කියලා ඔප්පුවුනාට පස්සේ ඒ නිශ්පාදනයන්ට වෙළඳපලතුල නැවතත් තමන්ගේ කීර්තිනාමය නංවාගන්න සැලකියයුතු උපකාරයක් නොවුනු නිසයි.

වැරදි හොයන්නනම් අය ඕන තරම්, ඒත් වැරැද්ද නිවැරදි වුනාම කතාකරන්න කව්රුත් නැහැ. ලංකාවේ එහෙම තමයි, අයි ඩොන්ට් නෝ වයි????

Thursday, November 27, 2008

බොම්මායි මුටයි, දිගටම කයි.

නොවැම්බර් 26 සහ 27 දිනයන් කොටි හිතවාදින්ට මෙන්ම සමහරක් ඉන්දියන් ජාතිකයින්ටත් වැදගත් දිනයක්. කොටියන්ව වීරයන්මෙන් හිතාගෙන ඉන්න අයට ඉතින් මේ දවස් දෙක ගොඩාක් වැදගත්නේ. ඒ නමුත් ඔන්න දැන් ඉන්දියාවට නොවැම්බර් 26 සහ 27 අමතක නොවෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒ තමයි මුම්බායි (පෙර බොම්බාය) නගරයේ ස්ථාන 7ක සිදුවු ප්‍රහාර.

"
ඩෙකන් මුජාහිදින්" ත්‍රස්ත ව්‍යාපාරය මෙම ප්‍රහාරයේ අයිතිය භාරගෙන ඇති අතර තවත් මාධ්‍ය සදහන් කරන්නේ මේ පිටුපස හින්දු අන්තවාදින් සිටින බවත් ප්‍රහාරය එල්ල කල පසු වෙනත් නම් භාවිතා කර එහි අපවාදය වෙනත් අයට පටවන බවත්ය.
කෙසේ නමුත් මෙම වෙඩි ප්‍රහාරයන්ගෙන් හා බොම්බ පිපිරීම මගින් මිනිස් ජීවිත 100 අධික සංඛ්‍යාවක් විනාශවූ බවත් තවත් දෙසීයකට අධික සංඛ්‍යාවකට තුවාල ලැබු බවත්, පැය ගණනාවක් වෙඩි හුවමාරු සිදුවු බවත් සඳහන්.

ඉන්දියාවේ වානිජ අගනගරයවු මොම්බායේ සිදුවු ප්‍රහාරය රෝ ඇතුලු ඉන්දියානු බුද්ධි අංශයන්හි අගය 0 ටම දමා ඇති අතර. මෙම ඔත්තු සේවා ලංකාව ගැන සොයා බැලිමට ඇති කැක්කුම තම රට වෙනුවෙන් කැප කර නැති බවත් කිව යුතුමය.

කෙසේ වෙතත් එල්.ටි.ටී.ඊ එකට උඩගෙඩි දෙන්න දඟලන ඉන්දියානුවන්ටනම් හොඳ පාඩම්. තමන්ගේ ගෙදර ප්‍රශ්න තියෙද්දී මොකට අහල පහල ගෙවල් වලට යනවද???.

ත්‍රස්තවාදයේ කුරිරුකම දැනගන්න ඉන්දීයානුවන්ට මේක හොඳ අවස්ථාවක්. බලමු මේකෙන්වත් පාඩමක් ඉගෙන ගෙන ලංකාවට හොට නොදා ඉඳිද කියල.

මෙන්න ප්‍රහාරයේ ඡායාරූප.



අළුත්ම අළුත් පිට්ටු වර්ගයක් දැන් රියෝ හිදි. :)

මෙන්න තවත් බඩුම තමා පින්තූරයක්. :)

Wednesday, November 26, 2008

බල්ලන්ට පොරකන්න තවත් එක් හේතුවක්....



කොල්ලො අතර ප්‍රශ්න ඇතිවන්නෙත් මේ නිසයි... හික් හීක්ක්.... :)

Tuesday, November 25, 2008

බඩුම තමා....

බලන්නකෝ පහල තියෙන ඩයලොග් ඉල්ලුම්පත්‍රය.

විහිළුවට පුරවපු එකක්ද දන්නේ නැහැ... ඒත් බැලුවමනම් එහෙම පේන්නෙත් නැහැ.

හැබැයි මෙහෙම හැම සිංහල වචනම ඉංග්‍රිසියට මාරු කරන්න ගියොත්නම්....බඩුම තමා...

හරවලම බලන්නකො ගම් නගරවල නම් ටිකක් :)

(වැඩි දෙනාගේ ඉල්ලීම මත සහ දැක්වු කරුණු කාරණා මත මෙම බ්ලොග් සටහන ඉවත් කරන ලදි. කරුණු කාරණා දැන්වු අයට බොහෝම ස්තුතියි.)







Saturday, November 22, 2008

පටන්ගත් දිනම වසන්නට වුනු Europeana

යුරෝපීය සංස්කෘතික උරුමය විදහාදැක්වීම සඳහා ආරම්භ කරන ලද යුරෝපානා වෙබ් අඩවිය පටන්ගත් දිනම පැය කිහිපයක් තුල වසා දැමිමට සිදුවූයේ මෙම වෙබ් අඩවියට පැමිනෙන්නන්ගේ සංඛ්‍යාව පැයකට මිලියන 10 ක් වීම නිසා. වසර දෙකකට පෙර ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය ආරම්භකර පැය කිහිපයකින් වසාදැමිමට සිදුවීම නිශ්පාදකයන් කිසිවිටකත් බලාපොරොත්තුවුවක් නොවෙයි. මිලියන දෙකක් වු අයිතමයන් ඩිජිටල් කරනය කර යුරෝපියානු රටවල් අතර සංස්කෘතික උරුමයන් මුහු කිරිම සඳහා ඔවුන්ගත් මෙම උත්සහාය නැවත දෙසැම්බර් මස මැදදී අන්තර්ජාලයට මුදාහැරීමට නියමිතයි.

ඩිජිටල් පුස්තකාලයක්, කෞතුකාගාරයක් සහ ලේඛනාගාරයක් ලෙස තමයි මෙම අඩවිය ක්‍රියාත්මක වෙන්නේ. යුරෝපයේ භාවිතාවන සියළුම භාෂා මගින් මෙම අඩවිය බල ගැන්වෙන අතර මෙය යුරෝපීය කොමිසමේ ව්‍යාපෘතියකි.

යුරෝපානා වෙබ් අඩවිය : http://www.europeana.eu/portal/

Wednesday, November 19, 2008

සැබැවින්ම ඔහු වාසනාවන්තයෙකි.

පිංතූර ටික බලලා ඊට පස්සේ කියවන්න.


මෙහි සිටින මනාලයා ඇමරිකානු නාවුක සෙබලෙකු වු ටයිලර් සීගල්. ඇමරිකාව විසින් ඉරාකයේ දියත් කරනලද මෙහෙයුමේදි මරාගැන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් තුවාල සිදුවූවෙක්. ප්‍රහාරයේදී ට්‍රක් රථයක්තුල සිරවීමත් එම ට්‍රක් රථය අධික උණුසුමට ලක්වීමත් නිසා මුහුණේ මාංශපේශි දියවි ගොස්. මාස 18 ක ප්‍රතිකාරයන්ගෙන් පසු ඔහු විවාහවුනේ ඔහු අනතුරට පත්වීමටත් පෙර ඔහු සමග සිටි පෙම්වතිය සමග. ඇය රෙනී ක්ලීන්. ඉතාම සුළු ප්‍රශ්නවලට පවා වෙන්වීම්, මරාගැනීම්, දික්කසාද කිරිම් සිදුවන ලොවක තම විරූපීවු පෙම්වතාගේ දුකේදීත් සැපේදීත් එකට සිටිමට ඇයගත් තීරණය ඉතාමත් අගය කල යුත්තකි.

ඇය මිලියනයකින් කෙනෙක් නොවන්නේද???

නොවැම්බර් 18 වන දින සමුදුර පුවත්පතිනුත් මේ සම්බන්ධව ලිපියක් පල කර ඇත.
ඇමුණුම බලන්න.


Tuesday, November 18, 2008

ඉලක්කම් - අරාබියෙන්

එක ( 1 ) - වාහිද්

දෙක ( 2 ) - ඉත්නීන්

තුන ( 3 ) - තලාතා

හතර ( 4 ) - අර්බා

පහ ( 5 ) - කම්සා

හය ( 6 ) - සිත්තා

හත ( 7 ) - සබා

අට ( 8 ) - තමානියා

නවය ( 9 ) - තිස්සා

දහය ( 10 ) - අෂරා

විස්ස ( 20 ) - අෂ්‍රීන්

සීයය ( 100 ) - මියා

දාහ ( 1000 ) - අල්ෆ්

එන්න අරාබි ටිකක් ඉගෙන ගන්න.


අස්සලාමු අලෙයිකුම් - ඔබට සාමය උදා වේවා

වාලෙයිකුම් සලාම් - ඔබටද සාමය උදා වේවා

මර්හබා - හෙලෝ

කෙයිෆ් හාලක් ? - ඔබට කොහොමද ?

සෙzයින් - හොඳයි

ෂුක්‍රන් - බොහොම ස්තුතියි

මින් ෆද්ලක් - කරුණාකර

මා සලාමා - (නික්මයාමේදි) ආයුබෝවන්

නාම් - ඔව්

ලා - නැහැ

හාදා - මේක

කම් - කීයද

ලෙෂ් ෆී - මොකක්ද කාරණාව / මොකද උනේ

යමීන් - දකුණු පැත්ත / දකුණ

යස්සාර් - වම් පැත්ත / වම

අලාතූල් - දිගටම / කෙලින්ම

ඉම්ෂි - යන්න

තාල් - එන්න

කෆ් - නවතින්න / නවතිනු

මාෆි - මොකුත් නැහැ / නැහැ

ෂූෆ් - බලන්න

කලාස් - ඉවරයි

අතෘප්තිමත් පාරිභෝගිකයා..... :)

ඔබට මොකද හිතෙන්නේ....

අහිංසක විදියට ලොකු දෙයක් සමාජයට කියලා දෙන්න හදන උත්සහයක් කියලයි මට හිතෙන්නේ...




අපේ අයගේ අයිඩියාස් හා..... :)

ප්‍රවේශම් වන්න -- සව්දි අරාබියාවේ රියාද් නගරයේ සේවය කරන ලාංකිකයන්ට පුංචි පණිවිඩයක්.

රියාද් හි බතා නගරයේ පසුගිය දිනක සිදුවු මිනිමැරුමකින් (ව්‍යාපාර හේතු මත ඉන්දියානුවෙකු විසින් ඉන්දියානුවෙකුගේ ගෙල කපා මරා දමා ඇත) පසු බතා නගරයේ පොලිස් සහ කම්කරු දෙපාර්තමේන්තුව ( ජවසාත් ) ඒකාබද්ධව මහා පරිමාණයෙන් නගරය තුල පරික්‍ෂා කිරිම් ආරම්භකර ඇත. ඉකාමා (අකාමා) පරික්‍ෂා කිරිමට අමතරව වාහනයන්හි බලපත්‍ර පරික්ෂා කිරිමත් ඊට අමතරව ජංගම දුරකථන ආදිය පරික්ෂා කිරිමත් සිදුවන අතර බතා නගරය තුල නිකරුනේ ගැවසීම අහක යන ප්‍රශ්න තමන් වෙත ඉල්ලා ගැනිමකි. අපරාධක් සිදුවන සෑම අවස්ථාවකම මෙවැනි පරික්ෂා කිරිම් සිදුකිරිම සාමාන්‍ය දෙයක් වන අතර අනවශ්‍ය ලෙස ලාංකිකයන් මෙයට අසුවී වැරදි කරුවන් වීම ඛේදවාචකයකි.


(පසුවදන : සැලකිය යුතු ශ්‍රි ලාංකිකයින් පිරිසක් වීසා සහ රැකියා බලපත් නොමැතිව රියාද් සහ ජෙඩා නගරය තුල සේවය කරයි. ජිවිතය පිළිබඳව අඩු තක්සේරුවක් නොකර හා අවදානමක් නොගෙන මෙම රටින් පිටවීම යහපත් වන අතර පොලිසියට අසුවීම සහ ඔවුන්ගෙන් බේරිමට උත්සහ කිරිම කළුගලේ ඔළුව ගසා ගැනිමක් වැනිය.)



ඩුබායි මහාමාර්ග සඳහා රේඩාර් කැමරා පද්ධති.


දන්නවාද???? දැන් ඩුබායි මාර්ගයන්හි flash light නොමැතිව ක්‍රියා කරන කැමරා පද්ධති සවිකර ඇතිබව.


අල්ට්‍රා ලයිට් තාක්ෂණයෙන් ඕනෑම අඳුරු පරිසරයක් තුල පිංතූර ගතහැකි කැමරා පද්ධති තමයි සවිකර තිබෙන්නේ. බැලු බැල්මට පරණ වුත්, ක්‍රියා නොකරන ලෙසත් පෙනෙන මෙම කැමරා වාහනයක සවිකර ඇති අංක තහඩුව ඉතා හොඳින් පිංතූර ගත කරන ලෙසයි සකසා තිබෙන්නේ. මෙම කැමරා දෙකක් මාර්ගයේ තෝරාගත් යම් නිශ්චිත දුරක් තුල ස්ථාපනය කර ඒ එක් එක් කැමරා අතර ගමන් කිරිම (කිමි 3-5 අතර) සඳහා වාහනයක් ගන්නා කාලය ගනනය කරනු ලබනවා. ඒ ඒ මාර්ගයේ වේග සීමා අනුව එම වාහනය ගමන් ගන්නේද යන්න එයින් ගනනය කරනු ලබන අතර තවත් දුරකින් පිහිටා ඇති තුන්වන කැමරාව මගින් එම වාහනය තව දුරටත් එම වේගයෙන් ගමන් කරන්නේද යන්න නිශ්චය කර එම වාහනයට අදාල දඩ මුදල නිර්නය කරනු ලබනවා.



අධිතාක්ෂණයෙන් යුත් රේඩාර් කැමරා ස්ථාපනයට වඩා මෙම ක්‍රමය සාර්ථක සහ ලාබදායි බවයි ඩුබායි පාලනාධිකාරිය පවසන්නේ.


ඔබටත් දඩ කොලයක් තිබේදැයි බලාගන්න පිවිසෙන්න ඩුබායි රථවාහන පොලිසියේ වෙබ් අඩවියට.

මෙන්න අඩවි ලිපිනය : http://www.dubaipolice.gov.ae/dp/englis ... isEng=true


තොරතුරු : අන්තර්ජාලය ඇසුරෙනි.

Monday, November 17, 2008

මැද පෙරදිග සිට අඩුමිලට ලංකාවට දුරකථන ඇමතුම්....



හුඟ කාලෙකින් ලිව්වේ නැති නිසා හිතුනා මොනවා හරි ලියන්න ඕන කියලා. ලියන්න තරම් විශේෂ සිදුවීම් නම් මෙහෙදි අත්විදින්න සිද්ධ වෙනවා අඩුයි. මොකද මම මගේ පාඩුවේ ඉන්න මිනිහා නේ… කොහොම නමුත් අද කියන්න යන්නේ මැදපෙරදිග සේවය කරන අයට ලංකාවට කතා කරන්න පුලුවන් අඩු වියදම් ක්‍රමයක් ගැන. සාමාන්‍ය දුරකතන ගාස්තුවනම් ටිකක් විතර වැඩියිනේ. ජංගම දුරකතනයකින් ගන්නවනම් විනාඩියට රියාල් 2.30 වගේ (ලංකාවේ මුදලින් රුපියල් 65.00 විතර). සමහර දුරකතන ආයතන අන්තර්ජාතික දුර ඇමතුම් අංක 2 පමණක් විශේෂ වට්ටමක් ලබාදෙනවා. වට්ටමක් දීලත් මිල විනාඩියකට රියාල් 1.70 (ලංකාවේ මුදලින් රුපියල් 48.00 විතර).

කොහොම නමුත් මේ කියන්න යන විදියනම් ගොඩක් ලාබදායකයි. මමත් දැන් පාවිච්චි කරන්නෙ මේකයි. මේකේ නම 12voip තවත් මෙවැනිම සේවා සපයන අඩවි තියෙනවා. (intervoip, voicewoip වගේ) ඒත් මේ 12වොයිප් කියන එක තමයි ලාබම. මේකෙදි වැයවන්නේ රියාල් සත 30 වගේ මුදලක් (ලංකාවේ මුදලින් රුපියල් 8.50 :) ). කොච්චර ලාබද නේ. හැබැයි කොස්සක් තියෙනවා. ඒ තමයි පරිගණකයකුයි, අන්තර්ජාල පහසුකමුයි තියෙන එක. ඒකත් ලේසි වෙනවා ඔබ ඉන්නේ නගරාශ්‍රිත ප්‍රදේශයකනම්. මොකද හැම තැනම ඉන්ටර්නෙට් කැෆේ පිරිලා. සව්දිවලනම් ඉන්නනෙට් කැෆේ එකකට අය කරන මුදල ගොඩක් සාධාරණයි. (වෙනත් මැදපෙරදිග රටවලනම් ගනන් මම දන්නේ නැත) පැයකට රියාල් 3.00 – 5.00 දක්වා තමයි අය කරන්නේ අධිවේගි අන්තර්ජාල සේවයටත්.

ඔබට කරන්න තියෙන්නේ www.12voip.com අඩවියට ගිහිල්ලා මේකේ මෘදුකාංගය බාගත කරගන්න එක. ඊට පස්සේ එක ඉන්ස්ටෝල් කරගෙන ඒකෙන්ම account එකක් හදා ගන්න ඕන. ඊටත් පස්සේ තව කොස්සක් තියෙනවා. ඒ තමයි ඒකට credit දාන්නේ කොහොමද කියන එක. ඒකට කරන්න තියෙන්නෙ ඉන්දියන් (මෙයාල තමයි වැඩි හරියක්ම ඒජන්තයො විදියට ඉන්නේ) අය ඉන්න ඉන්ටනෙට් කැෆේ එකකට ගිහිල්ල අහන එක එයාල ලඟ 12වොයිප් කාර්ඩ් තියෙනවද කියලා. එයාල ලඟ නැත්නම් එයාලගෙන්ම අහල දැන ගන්න පුලුවන් කොහෙන්ද ගන්න පුලුවන් කියලා. නැත්නම් 12වොයිප් වෙබ් අඩවියේම තියෙනවා resellers ලගේ විස්තර. මමනම් ජෙඩා නගරයේ (මම ඉන්නේ රියාද් නගරයේ) ඉන්න ඉන්දියන් බුවක්ට කියලා තමයි credits දා ගන්නේ. මම කරන්නේ එයාගේ බැංකු ගිණුමට සල්ලි බැර කරලා එයාට ඒ ගැන දැනුම් දෙන එක. එතකොට එයා පැය 2 ඇතුලත මගේ වොයිප් ගිනුම අලුත් කරනවා… ටිකක් risky වැඩක්. මොකද සල්ලි අරන් මාරු උනොත්. ඒත් යමක් ලබන්න යමක් කැප කරන්න එපැයි. අනිත් එක ඉතින් විශ්වාසේ තමයි.

අනිත් එක තමයි මේකේ මිල ගනන්. යුරෝ 5.00 මිල වටින කාඩ්පතක් රියාල් 45.00 – 55.00 අතර වෙනවා. යුරෝ 10.00 වටින කාඩ්පතක් රියාල් 70.00 – 85.00 අතර වෙනවා. (මේකේ මිල වෙනස් වෙන්නෙ ඉල්ලුම සැපයුම අනුව සහ විනිමය අනුපාත වෙනස් වීම මත)

ඒ වගේම තවත් සමහර රටවලට (ඇමරිකාව, එංගලන්තය, ඔස්ට්‍රලියාව, නවසීලන්තය වැනි රටවලට) නොමිලේම කතා කරන්නත් පුලුවන්.

මේක කියන්න යන වේලාවට වඩා කරන්න යන වේලාව බොහොම සුළුයි. ඒ නිසා උත්සහ කරලම බලන්න.

මෙන්න තව දැනගන්න ඕනනම් විස්තර.

මොකක්ද 12voip කියන්නේ - http://www.12voip.com/en/whatis12voip.html
මිල ගනන් - http://www.12voip.com/en/calling-rates.html

උදව්වක් එහෙම ඕනනම් කතා කරන්න, නැත්නම් මට විද්‍යුත් තැපැලක් දාන්න, දන්න දෙයක් කියලා දෙන්නම්. හැබැයි ඔන්න මම මේ 12voip ඒජන්තයෙක් නම් නෙමෙයි හොදේ.

055 6501825 - සව්දි අරාබියාව
ඊ මේල් : mhjunaideen@gmail.com