Thursday, March 13, 2008

2008 වසර අවසන් වන විට විදේශිකයන්ගේ බැලමෙහෙවර සඳහා කාන්තාවන් යැවීම නතර කල යුතුයි.

* ජනාධිපතිවරයාගෙන් විදේශ රැකියා අමාත්‍යංශයට උපදෙස්

(පුවතක්)

ඇත්තෙන්ම මේකනම් බොහෝම කාලෝචිත තීරණයක්. හැබැයි තමන්ගේ බිරිඳව, මවව, සහොදරියව පිටරට යවල පිංබත් ගිලින අයටනම් බොහොම නරක ආරංචියක් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒ වගේම විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් ගසාකන විදේශසේවා නියුක්ති කාරයාල නිලධාරින්, රේගු නිලධාරින්, ගුවන්තොට නිලධාරින් සහ වෙනත් නිලධාරින් ඇතුලු පාදඩ වැඩකරලා හම්බකරන අයටනම් මේක එච්චර සුබ පුවතක්නම් නෙමෙයි කෙසේ වෙතත් පමාවෙලා හෝ මෙවැනී තිරණයක් ගැනීමනම් අගයකල යුතුම දෙයක්. අපට වඩා ආර්ථිකය අතින් අඩු රටවල් පවා තමන්ගේ රටේ කාන්තාවන් පිටරටවල බැල මෙහෙවරට යවන එක නවත්තලයි තියෙන්නේ.


දැනට මැද පෙරදිග සේවය කරන අයගේ යහපත වෙනුවෙන් තානාපති අංශ මීට වඩා කාර්යයක් කලයුතු බවයි බොහෝදෙනාගේ අදහස. මන්දයත් සව්දි අරාබියාවේ කෑම්ප්වල හරියට කෑමක් බීමක් නැතුව, අදින්න වස්ත්‍රයක් නැතිව, ලෙඩට දුකට බෙහෙත් ටිකක් ගන්න බැරිව අපේ ශ්‍රී ලාංකීක මව්වරුන්, සහෝදරියන් මැරි මැරි උපදින්නේ අපගේ තානාපති අංශ තමන්ගේ සේවාවන් හරියට ඉටු නොකිරීම නිසයි.


සව්දි අරාබිය තුල හොඳම තානාපති සේවාව සපයන රට යනුවෙන් දැනට නම් දරා සිටින්නේ පිලිපීන තානාපති අංශයයි. ඕනෑම පිලිපීන වැසියෙකුගේ ප්‍රශ්නයක් විසදීම සදහා එම තානාපති අංශය පැය 24ම සූදානමින්. ඒ නිසාවෙනුයි පිලිපීන ගෘහ සේවිකාවන් මෙන්ම අනෙක් සේවකයිනුත් ඉහල ආරක්ෂාවක් යටතේ ඔවුන්ට අයත් අයිතිවාසිකම් යටතේ සේවය කරන්නේ.

No comments: