Sunday, February 1, 2009

මගේ වල් පල්. :)

ඔන්න ටික දවසකට පස්සේ ලියන්න හිතුනා, ඒත් මොනවා ලියන්නද කියලා මතක් වෙන්නේ නැහැ හ්ම්ම්.. මේ දවස්වල වැඩ කියලා මහ ලොකු දේවල් තිබුනෙත් නැහැ. ඒත්‍ මොකක්ද මන්දා හරිම කම්මැලි කමක්. රෑට නින්ද යන්නෙ නැහැ, බඩගිනි වෙන්නේ නැහැ. මාර සීන් එක. හැමදේටම හේතුව මගේ ආයතනයට මම දීපු ඉල්ලා අස්වීම වෙන්න ඇති, හැබැයි නින්ද නොයන්නේ රස්සාවෙන් අයින් වෙන නිසා නෙමෙයි, ලංකාවට එන්න ලැහැස්තිවෙන නිසා. ඒ ගැනනම් කියන්න බැරි තරම් සතුටක් තියෙන්නෙ. මේ කාත් කවුරුත් නැති ඒකාකාරි ජිවිතෙන් ගැලවෙන්න තියෙන එකම ලොකුම සතුටක්. හැබැයි දුක තමයි මෙහෙ වගේ පඩියකට රස්සාවක් හොයාගන්න බැරි එක. ඒ වගේම මම අකමැතිම දෙයක් තමයි ඉන්ටවිව්ස්. දැන් ඉතින් ලංකාවට ආවම ආයේ පලයන්කෝ ෆයිල් උස්සගෙන ඉන්ටවිව්ස් වලට. :) වට් ටු ඩු නා බලමු හැමදේම වෙන්නෙ අපගේ හොඳටයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා ලංකාවට ආවම මොන දේ උනත් හොදින් බාරගන්නයි තියෙන්නේ. නැට්ට පිටින් අලි මැරෙනකොට මේවා මොනවද නේ?? ^%(*&#


ඉතින් පහුගිය දවස් ටිකේ වෙනසක්නම් නැහැ ජීවිතේට, උදේට ඔෆිස්, හැන්දෑවට කාමරේට. රෑට ටිකක් ෂොපින්. ඔන්න ඔහොමයි දවස යන්නේ. මෙහෙ ඉතින් රෑට තමයි සාප්පු සවාරි හොඳ.. ගොඩාක් කඩවල් ඇරලා තියෙන්නෙ රෑට. :)


දැන් ගත්ත බඩු ටික ලංකාවට යවන්න ඕන. බඩු ගන්න ගියාට වඩා වියදමක් යනවා බඩුටික ලංකාවට යවන්න ගියාම :) වර්ග මීටරයකට ලංකාවේ මුදලින් 12000 විතර ගෙවන්න ඕන. අපිව හූරගෙන කන්නමයි අපේ අය ඉන්නේ. කාගෝ සර්විස් කරන හැම ආයතනයක්ම කතාවෙලා එකම ගාන තමයි ගන්නේ. අදුරන කෙනෙක් හිටියොත් රියාල් 10-15 අඩු කරයි, එච්චරයි. මමත් ෂිපිං ෆිල්ඩ් එකේ නිසා දන්නවා එයාල හොයන ගාන, විශ්වාස කරන්න අඩි 40 කන්ටේනර් එකක් පැටෙව්වොත් ඩොලර් 3000 කට වැඩියෙන් හොයන්න පුලුවන්. මාසෙටම කන්ටේනර් 4 පැටෙව්වත් ඇති සැපට ඉන්න පුලුවන් කාගෝ කරන අයට :)


පෙරේදා බැලුවා ස්ලම්ඩොග් මිලියනර්. එළ ෆිල්ම් එක. මටනම් හිතෙන්නේ කාලෙකට පස්සේ බලපු හොඳම ෆිල්ම් එකක්. ටොරන්ට් එකකින් බාගත්තේ නැත්නම් බලනවා බොරු. ඉන්දියාව අපේ දේවල් වලට අත දානවා ඒත් ලෝකේ තියෙන ලොකුම මුඩුක්කුව තියෙන්නෙ ඉන්දියාවේ. එහෙදි තමයි මේ ෆිල්ම් එකත් රූගත කරලා තියෙන්නේ. අර අපේ බ්ලුමැන්ඩල් කුනු කන්ද වගේම බොම්බායේ තියෙන මේ මුඩුක්කු සමුහය පාතාලයේත් අනිත් කෙරුම්කාරයන්ගෙත් සල්ලි හොයන තෝතැන්නක්. (ඉන්දියාව තමන්ගේ තියෙන ප්‍රශ්න විසදගන්න එක කොච්චර හොඳද අපිට කොක්ක ගහන්න එන්නේ නැතුව. (ඉන්දියාවේ තියෙන ප්‍රශ්නනම් වෙනම පොතක් ලෙස එළිදැක්විය යුත්තකි))


ඊයේ රියාද් ගුවන් තොටුපලට ගියා යහළුවෙක්ව ගන්න. එකම වෙලාවෙ ගුවන් යානා හතරක් ඇවිල්ලා. බලන්න එපැයි එක එක අයගේ ලස්සන. :) ලෙබනන් ෆ්ලයිට් එකක් ආවා, ඒකේ හිටපු කෙල්ලො ටික දැක්කම මිස් වර්ල්ඩ් ලා මොනවද කියල හිතෙනව අප්පා. පුහ් පිස්සු හැදෙන ලස්සනක්නෙ උන්ගේ. කිරි ටොයි පාට :) අර යූරෝපිය කුනු සුදු පාට නෙමෙයි මේක අමුතුම පාටක්. කොහොම නමුත් ඉරාන, ලෙබනන් සහ කාශ්මීර කෙල්ලන්නම් මාරම ලස්සනයි. (ලංකාවේ කෙල්ලොත් මාරම ලස්සනයි හොදේ. නියම පාට, හොඳ හිත, කොච්චර දැක්කත් ආයේ ආයේ බලන්නමයි හිතෙන්නේ. - මෙන්න බටර් )


මම මේ දවස්වල rapidshare ෆයිල්ස් බාගන්න මෘදුකාංගයක් භාවිතා කරනවා. සමහර අය දන්නවත් ඇති, ඒත් ඉතිං නොදන්න අයට හොඳයිනේ දැනගන්නත් එක්ක නේද? ඒකේ නම තමයි jDownloader මමනම් මෘදුකාංග ගැන හොඳටම දන්නේ නැහැ. ඒත් මම ෆයිල් ටිකක් බාගත්තා මේක පාවිච්චි කරලා. අනිත් එක මේක නොමිලේම බාගන්නත් පුලුවන්. රැපිඩ්ශෙයා ප්‍රිමියම් ගනි අපිනම් සල්ලි දිලම. පාවිච්චි කරන ඔක්කොම පට්ට හොර මෘදුකාංග. අපි තුන්වන ලෝකයේ රටවල්නේ, අපිට පුලුවන්ඳ අප්පා ඩොලර් දීලා ඔරිජිනල් ගන්න. :)


ඉතිං වෙන මොනවැයි?? අනේ මන්දා මමත් මගේ වල් පල් ලියනවා හැරෙන්න අවශ්‍ය දෙයක් ලියන්නේම නැහැනේ. ඒත් ඉතිං වෙන මොනවැයි කියලා ලියන්නෙයි දන්න තියෙන දෙයක් ගැන ලියනවා හැරෙන්න.


අපේ අර මාද්‍ය සහෝදරයන්ට ගහලා හමාරද??? නැත්නම් තව සබ්බුව දෙන්න තියෙනවද දන්නේ නැහැ නේද? විමල් විරවංශ බුදියැව්වේ කාත් එක්කද? විමල්ගේ ගෑණී අද ඇදලා ඉන්න යට ඇදුමේ පාට මොකක්ද? කියන එක පවා හොයලා කියන මේ මාද්‍ය සහෝදරයින්ට තමන්ට ගහලා යන උන්ටික හොයා ගන්න බැරිවීම ගැනනම් මට දුකයි.


හ්ම්ම් දැනට නම් එච්චරයි, අකමැත්තෙන් හරි කියෙව්වට ස්තුතියි. ලිවිමේ කලා රසයනම් මට නැත, ඒ නිසා ඔන්න ඔයේ ලියවේ. :)


අපේ රට වෙනුවෙන් ත්‍රස්තවාදින් මර්ධනය කරමින් ඉදිරියට ඇදෙන අපේම සෙබළ සොයුරන්ට මාගේ හදපිරි

උත්තමාචාරය

ජය පිට ජය නිසැකයි.

8 comments:

නිලන්‍ත said...

ලංකාවට පැමිනීම ගැන සුභපැතුම්. අපි පුංචිකාලෙ ඉඳන් හරිම ආසයි දන්න අඳුරන කෙනෙක් පිටරටක ඉඳන් එනවට. මෙහෙ වගේද එහෙ පුඃ. නානාප්‍රකාර අරුමෝසං. අපිටත් මොනවහරි ලැබෙයිනෙ. අඩුගානෙ ටොපියක්.
කොහොමහරී රචනාවෙ මුල ටික ගැනනම් කිසිම ගැටලුවක් නැ. මොකද ඒව වල්පල් නිසා. නමුත් අන්තිම ඡේදයෙන් වැඩේ අනාගෙන.

ලංකාවෙ අති උතුම් මාධ්‍යට දරුණු විදිහට අපහාස කරල. ඒ මදිවට හමුදාවටත් සුභපතලා. දැන් මේ සිංහල බ්ලොග් වලට comments දාන සමහර ප්‍රජාතන්ත්‍රවාදී, යුධවිරෝදී, සාම නියෝජිතයන් ඔබව අල්ලලා ලේබල් කරයි. ජාතිවාදියා, යුධවාදියා, මහින්දට කඩේ යන්නා ආදී වශයෙන්. කවුරු හරි ත්‍රස්තවාදී මර්ධනය හරිය කිව්වොත් ඔහු අනිවාර්යයෙන් මහින්දට කඩේ යන්නෙක් වෙනව.

ලංකාවෙ මාධ්‍යයට වැරදි පෙන්වාදීම සහ හමුදාවට සුභ පැතීම අති භයානකය. ලංකාවට එන්ඩ ඉන්න එකේ මේ වැරදි නොකිරීමට වගබලාගත්තොත් හොඳයි.

Anonymous said...

@නිලන්ත

ඔව් ඔබ හරි. ලංකාවේ දැන්නම් ඉන්නේ ලේබල්වලට යට වෙච්ච කට්ටියක්. ඒත් මමනම් ඔව්වා ගනන් ගන්නේ නැහැ. මොකද මගේ ඇගේ ඔව්වා ඇලෙන්නේ නැහැනේ. ඒකයි. කෙසේ වෙතත් ලංකාවේ මාද්‍යගැන මගේ එච්චර සතුටක් නැහැ. ඒ නිසා හොදක් කියන්න බැහැ. ඒත් අපේ සෙබළුන්ට අනිවාර්‍යයෙන් සුභපතන්නත් ඕන, පිං දෙන්නත් ඕන, ඔවුන් නිසා අපි සතුටින් නිදහසින් ඉන්නවට.

අනිත් එක දේශප්‍රේමය කියන්නේ බත්තරමුල්ලේ ජානිපේ කාර්‍යාලයේ විකුනන එකනම් ඒක මට කොහොමත් එපා. මම හිතන්නේ දේශප්‍රේමය කියන එක බොක්කෙන්ම එන්න ඕන, එහෙම නැතුව බොලොක්කෙන් එන එක දේශප්‍රේමය නෙමෙයි. ඒ කඩේ යෑම. :)

දිලාන් said...

"කොහොම නමුත් ඉරාන, ලෙබනන් සහ කාශ්මීර කෙල්ලන්නම් මාරම ලස්සනයි. (ලංකාවේ කෙල්ලොත් මාරම ලස්සනයි හොදේ)." - එකගයි

මමත් නිවාඩුවකට එන්න ලැස්ති වෙනවා.එනකන් ඉවසිල්ලක් නැතිවයි ඉන්නෙ.කටාර් වල ඉදන් ලන්කවට මුහුදු මාරිගයෙන් බඩු එවන්න නම් යන්නේ වර්ග මිටරයකට රියාල් 225ක් විතර(රු.6000ක්).
බයවෙන්න එපා.ඉක්මනට රස්සාවක් හොයාගන්න ලැබෙවි.
කවුරු කොහොම ලේබල් ගැහුවත් අපේ මත අපි ඉදිරිපත් කරන්න ඔනේ.එහෙම නැතිනම් මේක උන්ටම ගිය රට වේවි.

Anonymous said...

@ කැඩපත,

බාන්ඩ යවනවනම් ගනන් ගැන හොඳට අහගන්න. මම හිතන්නේ 225 කියනේ ලංකාවට භාන්ඩ ටික යවන්න විතරයි. කොළඹදී නිශ්කාශනය සදහා අමතර ගානක් අයවෙන්න පුලුවන්. මම 415 කිව්වේ ඒ මුදලත් එක්ක. ඒත් ගානනම් වැඩීයි. ඔබ කිවු පරිදි සියලුම සේවා එක්ක 225නම් පට්ට ලාබයි.

පිටස්තරයා said...

ලොක්කා මොකෝ එක පාරටම අස් වුනේ??? දැන් එහෙනම් රියාද් වල සිට ලිපි නැද්ද? අපේ තාත්තා ඉන්නේ සවුදි. KKMC.

ලෙබනන් කෙල්ලෝ ටිකක් දැක්කා documentry එකක... මට වැඩිය දේවල් කියන්න බෑ. වයිපරේ දැක්කොත් සුන් ;)

පරිස්සමෙන් එන්න. ජය!!!

Anonymous said...

@ චමිල
එකපාරටම නෙමෙයි. ගොඩක් හිතලා ගත්ත තීරණයක්. අනිත් එක මම එන්න හිටියේ ගිය ජුනී වල. ඒත් එක එක හේතු නිසා පහුවුනා. හැමෝම කියන දෙයක් තමයි දැන් තියෙන ලෝක ආර්ථික පසුබෑම නිසා ලංකාවට යන එක අගුණයි කියලා. ඒත් ඉතින් අපේ රටේ කවදාවත් ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැනේ. ඒ නිසා ඕන දෙයක් වෙච්චදෙන් කියලා එනවා. මෙහෙ ආවේ නැත්නම් කොහොමත් ලංකාවෙනේ. මෙහෙ ආපු එකෙන් මගේ ගොඩක් ප්‍රශ්න විසදුනා. ඒත් මචෝ හැමදාම මෙහෙ ඉන්න බැහැනේ. ජීවිතේ විඳින්නයි මට ඕන.... :)

malee_msg said...

හහ්... හොද වෙලාවට බටර් එකට හරි ලංකාවේ කෙල්ලෝ සස්සනයි කිව්වේ.. නැත්තං මං ලංකාවට ‍එන්න දෙන්නේ නෑ.. එයාපොට් එකේදිම ආයේ හරෝලා යවනවා සොමාලියාවට.. හික් හික් මේ අයියේ ඔයා දැන් චොකෝ එහෙම අරගෙන නේද එන්නේ.. අපේ පංගුව ලැබෙයි නේ.....????

ආගන්තුකයා | Stranger said...

නිලන්ත අය්යාගේ අදහසට මාත් එකඟයි... අද අපිට හරි වැරැද්ද මොකද්ද කියලා හොයාගන්නත් බැරි තරමට අපි අන්ධ වෙලා... අපි කොහේ යනවද කියලා අපිම දන්නේ නෑ... හැම තැනම මාකටිං.. මොන කරුමයක්ද මන්දා....