Sunday, January 11, 2009

මගේ පසුගිය සතිය :)

හ්ම්ම්… මොනවද ලියන්නේ… පහුගිය දවස්වලනම් මොකුත් ලියන්න බැරි උනානේ. විජේසේකර එක බෝර්ඩ් එක පුරුදු වෙන එකත් එපාවෙනවා හෙමින් හෙමින් කොටන්න ගියාම. :) කොහොම හරි විජේසේකර එක තාවකාලිකව අයින් කලා. ආයේ ඒක පුරුදු වෙන්න හිතෙනකම්. සව්දි අරාබියාවට ආවට පස්සේ මමනම් ගොඩක් කම්මැලි වෙලා කියලයි හිතෙන්නේ. නිදාගත්තම නැගිටින්න හිතෙන්නෙ නැහැ., වාඩි උනාම හිටගන්න හිතෙන්නේ නැහැ. අනේ මන්දා කන එකටනම් කිසි කම්මැලි කමක් නැහැ. :)

මේ දවස්වල මට සතුටු වෙන්න කාරණා දෙකකුත් දුක් වෙන්න ලොකු කාරණාවකුත් තියෙනවා. පලවෙනි සතුට තමයි අපේ රණවිරුවන් කොටි බල බිදමින් ඉදිරියට ඉදිරියට යන එක. ඒකනම් මම හිතන්නේ ශ්‍රි ලාංකික හැමෝගෙම සතුටනේ. මට දැනෙන දෙවෙනි සතුට තමා ලංකාවට එන්න ලැස්ති වෙන එක. :) :) ඒත් දැනෙන ලොකුම දුක තමා මාගේ පලස්තීන මුස්ලිම් සහෝදර සහෝදරියන්ට අත්වෙලා තියෙන ඉරණම. තමන්ගෙම භූමියේ අනාථයන් වීම වගේම කුඩාදරුවන් කාන්තාවන් ඉතා කුරිරු ප්‍රහාර වලින් මියයාම. ලංකාවේ සිදුවෙන ඉතාම සුලු දේටත් කෑ කෝ ගසන විදේශිය බලවේග මේ ඊශ්‍රායිල් අමනුස්සකම් වලට කිසිවක් නොකිම ඔවුන්ට මිනි මරන්න අනුබල දිමක් හැටියටයි මට හිතෙන්නේ. ඒකට උන්ටම දොස් කියලා වැඩකුත් නැහැ. අද ඉස්ලාමිය පාලනයන් පවතින රටවල් පවා වචනයක් නොකියන කොට අනිත් උන්ට මොන රුදාවක්ද?? මැද පෙරදිග කලාපයේ රටවල් යනු මුළු මුස්ලිම් ජනග්‍රහනයෙන් 19% විතරයි. වැඩිපුරම මුස්ලිම්වරු ඉන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ. ඒත් ආර්ථික අතින් වත් පොහොසත්කම් තියෙන්නේ මැද පෙරදිග රටවල් වලට. තමන්ගේ ආර්ථික කටයුතු වැටෙයි කියලා බයට කට වහගෙන ඉන්නවද දන්නේ නැහැ. කෙසේ නමුත් ලංකාවෙනම් ජාති ආගම් වලින් ඔබ්බට ගිය එකමුතුකමක් මේ පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබෙන බවනම් පේන්න තියෙනවා. ඒකත් හොඳ දෙයක්.

මමනම් වහාම ක්‍රියාත්මක වන පරිදි සියළුම ඇමරිකානු සහ ඊශ්‍රායිල නිශ්පාදන පරිහරණය කරන එක නැවැත්වුවා. පෙප්සි, කොකා කෝලා සහ නොකියා නිශ්පාදන ඒ අතරින් විශේෂයෙන්ම නවතා දැමුවා. මුස්ලිම් සහෝදරයෙක්ගේ පපුවට වදින උන්ඩයකට සතයකින් හරි උදව් දෙන්නේ මොකටද.??? මම දන්න අදුනන හුඟ පිරිසක් මෙම නිශ්පාදන නවත්වලා. මමත් පෙප්සි වෙනුවට දැන් බොන්නේ අල්සි කෝලා කියන සව්දි නිශ්පාදනයක්. (හැබැයි මේ කෝලා බීම ශරිරයට හොඳ නැහැ කියලා දන්නවා)

හ්ම්ම් තව මොනවයි පහුගිය දවස්වල විශේෂයන්… සිරසට ගහන කොටයි, ලසන්තට ටිකට් එක දෙනකොටයිනම් මම රියාද් නගරයේ හිටියේ නැහැ. මම මක්කමට ගියා වන්දනාවේ. විශේෂයෙන්ම යන්න හිතුවේ ලංකාවට එන්න ලං උනාම යන්න වෙලාවක් තියෙයිද දන්නේ නැහැනේ කියලයි. ඒ වගේම පලස්තීන ජනතාව වෙනුවෙන් යාඥාවකින් හරි දායක වෙන්න තියෙන උවමනාවත් තිබුනා.

සව්දි අරාබියාවේ පලස්තීනයන් වෙනුවෙන් මහා ලොකු සම්මාදමක් තිබුනා. දේශීයයන් සහ විදේශීයයන් එකතුවෙන් ඩොලර් මිලියන 125 ක මුදලක් එකතු කරගන්න හැකිවෙලා. ඒ බෝහෝම සුලු කාලයකින්. මම හිතන්නේ සතියක් තුල එකතු කරගත් මුදල තමයි ඒ ඩොලර් මිලියන 125. ඊට අමතරව සමහර කෝටිපතියන් ලොරි ගනන්, කූඩාරම්, බ්ලැන්කට් සහ බෙහෙත් ද්‍රව්‍ය සපයා තිබුනා. ඒ වගේම මදි නොකියන්න ලේත් දන්දීලා තිබුනා.

සුදාරක මලයාගේ බ්ලොග් සටහනේ හැටියටනම් පොර සුපර් සිරස විරෝධියෙක් වගෙයි. කොහොම නමුත් සිරසටනම් සැලකිය යුතු පාඩුවක් නොවෙන්න ඇති රක්ෂණය කරලා තියෙන නිසා. දකුණු ආසියාවේ තාක්ෂණික අතින් ඉතා ඉහල ආයතනයක් ඉතා සුළු ආරක්ෂාවක් යටතේ තිබීම නම් විමතියට කරුනක් තමයි. හැබැයි සිරස කොටින්ට උදව් දීලා තිබුනනම් අනිවාර්යමයෙන් දඩුවම් දියයුතුමයි. නමුත් දඩුවම් දීපු විදියයි වැරදි. අපි හැමොටම සිරස ගැන දැනෙන දේවල්, ආරක්ෂක අංශ සහ ආණ්ඩු වලට නොපෙනෙන එකයි වරද?? එහෙම වැරද්දක් වෙනවා කියල දන්නවනම් කරන්න තිබුනේ රජ එෆ්. එම් එකට කලා වගේ තහනම් කරලා දාන්න. මොකද ඒව කරන්න නිතී නැතිව නෙමෙයිනේ. අනිත් එක ජනාධිපතිතුමා මෙච්චරකල් පොහෝදින ධර්ම දේශනාව විකාශය කරන්න දීලා තියෙන්නේ කොටින්ට. අනේ කාට කියන්නද ????

ලසන්තනම් පව්. එයාගේ ජිවිතේ අදුරු පැත්තනම් දන්නේ නැහැ. ඒත් සමහර දේශපාලකයන්ගේ හොද හොද වගතුගනම් ඔහු සතුව තියෙන්න ඇති. හොඳ මාධ්‍යවේදියෙක් නැතිවීමනම් පාඩුවක්ම තමයි ඉතිං. හැබැයි මමනම් ලංකාවේ මාද්‍යවේදින් ගැන හොඳ ආකල්පයකින් නෙමෙයි ඉන්නේ. හුඟක්ම ඉන්නේ බඩගෝස්තරවාදි, අවස්ථාවාදි පිරිසක්.

යුද්දේනම් ජයකනුව ලඟම. දෙයියනේ කියලා මොනවා හරි කරගෙන නිදහසින් ඉන්න පුලුවන් වෙයි අපි හැමෝටම. හැබැයි ඒකට හැම කෙනාගෙම ආකල්ප වෙනස් වෙන්න ඕන. නැත්නම් මේ ත්‍රස්තවාදයට විරුද්ධව ලබන ජයෙන් පලක් නැති වෙනවා.

කොටින්ගේ ලොක්කො වගයක් හමුදාවට බාරවෙන්න යනවා කියලා ලක්බිම පත්තරේ තිබුනා. ඒක ඒ විදියටම උනත් කරපු වැඩවලට දඩුවම් දෙන්නම වෙනවා. මොකද නැත්නම් පොඩි දේටත් කුදලගෙන ගිහින් මහ උළු ගෙදර දාන අයට වෙන අසාධාරණයක්. මම අහල තියෙන විදියට පොඩි පොඩි වැරදි කරපු අය සහ වැරදි නොකර කුදලගෙන ගිය අය ඉන්නවලු ඇප දෙන්න සල්ලි නැතුව. ලොකු ලොකු ගනන් නෙමෙයි රුපියල් 800-900 ඇපදෙන්නවත් පුලුවන් කමක් නැතිඅය ඉන්නව කියලයි මම අහල තියෙන්නේ.

හ්ම්ම්.. තව මොනවද.????? දැනටනම් එච්චරයි මතක් වෙන්නෙ. පොඩි බඩගින්නකුත් තියෙනවා කන්න ඕන මොනව හරි. මම එහෙනම් මේක දාලා පොඩි බඩගින්න නිවෙන්න ලොකුවට මොනවා හරි කාල එන්නම් හොඳේ.

4 comments:

Aravinda said...

"මමනම් ලංකාවේ මාද්‍යවේදින් ගැන හොඳ ආකල්පයකින් නෙමෙයි ඉන්නේ. හුඟක්ම ඉන්නේ බඩගෝස්තරවාදි, අවස්ථාවාදි පිරිසක්"

මම නං හිතන්නේ වෙලා තියෙන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයට බඩගෝස්තරවාදි, අවස්ථාවාදි සුළු පිරිසක් පැමිණිම යි. ඔක්කොම එක ම බෝට්ටුවට දාන්න බෑ නේද ?

Anonymous said...

"ඒත් දැනෙන ලොකුම දුක තමා මාගේ පලස්තීන මුස්ලිම් සහෝදර සහෝදරියන්ට අත්වෙලා තියෙන ඉරණම. තමන්ගෙම භූමියේ අනාථයන් වීම වගේම කුඩාදරුවන් කාන්තාවන් ඉතා කුරිරු ප්‍රහාර වලින් මියයාම"

මේ දේම ලංකාවෙ කොයිතරම් වෙලා තියනවද? මේ වන විටත් කොයි තරම් වෙනවද?

ඒ ගැනත් බ්ලොග් එකේ ලිව්වොත් නරකද?

Anonymous said...

Nice blog, I'm new to this..

malee_msg said...

දිගගග ලිපියක් ලියාලා....!