Tuesday, December 23, 2008

වැඩකට ඇති දෙයක් නම් නෙමෙයි, කැමතිනම් කියවන්න :)

හ්ම්ම් මේ දවස්වලනම් මොකුත් ලියන්න හිතුනෙම නැහැ. නිකන් මොනවා හර් දානවා මිසක්. මේ ටිකේ හරිම කම්මැලියි. මොකද මෙහෙ ගජරාමෙට සීතල. ඉතින් වකුටු ගැහිගෙන ඉන්නවා මිසක් මොකුත් කරන්න හිතෙන්නෙම නැහැ. ඔෆිස් එකට ආවම කඩියා වගේ ඔෆිස් එකේ වැඩ කරනවා හැරෙන්න වෙන මොකුත් කරන්න වෙලාවක් නැහැ. හැබැයි මේ මොන වැඩ තිබුනත් හැමදාම උදෙන්ම කරන වැඩ මිස් කරගන්නෙ නැහැ. :) ඒ කිව්වේ ලංකාවේ පුවත්පත් අන්තර්ජාලය හරහා කියවීම සහ සිංහල බ්ලොග් කියවීම වගේ දේවල්.


ඒ විතරක් නෙමෙයි ලබන මාසේ ලංකාවට එන්නයි සූදානම, ඉතින් ඒකට අවශ්‍ය කටයුතුත් සම්පාදනය කරන්නත් එපැයි. ඉතින් ලබන මාසෙන් පස්සේ බොහෝ වෙලාවට සව්දි අරාබියාවේ රස්සාවට ආයුබෝවන්. ලංකාවට ඇවිල්ලා මොනවද කරන්නෙ කියන අදහසක් නැති වුනත්, මෙහෙ ආවේ නැත්නම් ලංකාවේ කොහොමත් ඉන්න වෙනවානේ කියලා හිතාගෙනයි එන්නේ. ඒ නිසා ආපු ගමන් ජොබ් කට්ටක් හොයාගන්න ඕන, නැත්නම් සොරි.කොම් තමයි. හුගක් යාලු මිත්‍රාදින්නම් කියන්නේ දැන්ම එන්න එපා කියල. මොකද ලංකාවේ තත්වේ හරි අප්සෙට්ලු. :( ඒත් අපි මෙහෙ කන කට්ට එයාලා දන්නෙ නැහැනේ. බලමු කොයි දේ වෙන්නෙත් හොදටයි කියනවනේ.


අදහසක් තියෙනවා ලංකාවට ආවම පොඩි පහේ ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි තාම හරි හමන් දෙයක් සෙට් උනේ නැහැ. මේක බලන ඔයාලත් පුලුවන්නම් පොඩි අදහසක් දෙන්න මොන වගේ දෙයක්ද ලංකාවට හරි යන්නේ කියලා හැබැයි පොඩි ප්‍රාග්ධනයකින් පටන් ගන්න එකක් වෙන්න ඕන. ඒ වගේම ඉස්ලාම් ධර්මයට පටහැනි නොවන බිස්නස් එකක් වෙන්න ඕන. විශේෂයෙන් දුප්පතාව හුරන් කන පොලිය කියන පිළිලයෙන් ඉවත් වෙච්ච දෙයක් වෙන්නත් ඕන.


කොහොම නමුත් ව්‍යාපාරයක් පටන් ගන්න බැරි වුනොත් දැන් කරනවා වගේ ෂිපිං ෆිල්ඩ් එකේම තමයි ඉන්න වෙන්නේ. රස්සාවක් කරගෙන ඉන්න එකත් නරක නැහැ. ඒත් තමන්ගෙම දෙයක් පටන් ගත්තාම හිතට දැනෙන්නේ පුදුම නිදහසක්. පැය 24 මැරිගෙන වැඩ කලත් අපේ දෙයක් නිසා ලැබෙන පොඩි දියුණුවත් හිතට පුදුම හයියක්.


හ්ම්ම්…… හා උබුන්ටු සීඩී එකක් ලැබුනා. ඒක දැම්මා ලැපාට. වින්ඩෝස්වලම තමයි දැම්මේ. කොහොමත් අපි වින්ඩෝස් වලින් පටන්ගත්ත අය. ඉතින් එකපාරම අහක දාන්න පුලුවන් කමක් නැහැ. ලැපාව දැම්මා අප්ඩේට් වෙන්න උබුන්ටු අප්ඩේට්ස් 203 තියෙනවා. ඒ ඔක්කොම දාගෙන තමයි බලන්න ඕන මට හරියනවද නැද්ද කියන එක. හැබැයි දැනට පාවිච්චි කරපු ටිකටනම් හොදයි කියලා හිතුනා. ඒත් තවටිකක් ස්ටඩි කරන්න ඕන.


ඔන්න යුද්දෙත් දැන් ඉවරවී ගෙන එනපාටයි. ඒකත් ඉවර උනොත්නම් ගොඩම තමයි. හැමෝටම පුලුවන් වෙයි මොන මොනවා හරි කරගෙන දෙයියනේ කියලා ජීවත් වෙන්න. ගොඩක් අය ආයෝජනය නොකර ඉන්නේ යුද්දේ ඉවරවෙනකම්. ඉතින් ඒකත් ඉවර උනොත් අපි හැමෝටම හොඳ හෙට දවසක් බලාපොරොත්තුවෙන්න පුලුවන්. බලමු ඒකත් නේද. බලාපොරොත්තුනේ මිනිසෙක්ව ජිවත් කරවන්නේ කියලා කියනවානේ.


ඔන්න දැනට ඉවරා……යි. අමාරුවෙන් කියෙව්වාට බොහොම ස්තුතියි. චූටිම චූටි නිදහස් කාලයක් ලැබුන නිසායි මේ ටිකවත් අකුරු කරන්න ලැබුනේ.

Saturday, December 20, 2008

මේ ෂැම්පු ඇඩ් එකක් (ද) ?? %^$&^%*$


කාගෙත් කොතැනත් ජනහඳ ජයගත්
ෂැම්පු......

*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*


ලෝක ආර්ථික අර්බුදය හමුවේ.........

ලෝක ආර්ථික අහේනිය නිසා ලෝ ප්‍රකට ආයතන කඩාවැටෙන අයුරු ඔවුන්ගේ ආයතන ලාංඡ්නයන් මගින් පෙන්නුම් කර ඇති අයුරුයි මේ. මෙය මා හට විද්‍යුත් තැපැලකින් ලැබුනකි.

අනේ අපොයි...... :)

Monday, December 15, 2008

එදා සහ අද............ :)

මේ තියෙන්නේ මට විද්‍යුත් තැපෑල හරහා ලැබුනු පිංතූර දෙකක්.


Sunday, December 14, 2008

මෙන්න තවත් කලාවක්.

මේකට කියන්නේ වැළි කළා කියලා. ඇත්තෙන්ම කළාත්මකයි. :)