Thursday, February 21, 2008

මහින්ද මාමා....

මේක මට විද්‍යුත් තැපෑල හරහා ලැබුන එකක්... නරකම නැහැ නේද???......

Sunday, February 17, 2008

අද කාලයට ගැලපෙනම කාටූනයක්.....



උපුටා ගැනීම - ලංකා පුවත්පතිනි.

Saturday, February 16, 2008

ආදරයෙන් මඟ බලා සිටිමි....

ඔබේ සුරතෙහි සුමුදු පහසට

ජීවිතය තරමටම පෙම් බැඳ

ඔබේ කොපුලක සුවඳ ගන්නට

කල්පෙකින් දවසකදි ඉඩ ලද


ඔබේ ඉනවට සුරත දවටා

ඔබේ උණුසුම් සුව විද විද

එකම මොහොතක් ලංව ඉන්නට

ලොවට රහසින් කෙදින හැකිවෙද

------------------------------------------------------------------

සංකල්පනාච - එල්. එන්. පී. ඩී. එස්. (LNPDS)
සියළු හිමිකම් ඇවිරිණි.

ලාවන්‍යා දෙමළ නිසා විශාඛාවට නොගනි…



පසුගිය සතියේ පත්තර වල මෙහෙම තිබුනා… ඇත්ත නැත්තනම් දන්නේ නැහැ.. හැබැයි බොරු වෙන්න බැහැ.. මොකද සිංහලයෙකු නොවන නිසාම මටත් ඔය වගේ අසාධාරණකම් මීට කලින් සිදුවෙලා තියෙන නිසා…

මේ සිදුවීම වෙලා තියෙන්නේ අධ්‍යාපන ඇමතිගේ නියෝගයකින්ලුනේ… හැබැයි ඔය ඇමති දැනගන්න ඕන ඔය කියන ඇමති පට්ටම ලැබුනේ තනි සිංහල සහයෝගයකින් නොවන බව. මොකද ඡන්දේ ඉල්ලන කොට දෙමළ ඡන්ද, මුස්ලිම් ඡන්ද එපා කියලා දන්නලා ඇමති වුනා නෙවෙයිනේ…

කොහොම නමුත් සිද්ධවෙලා තියෙන වැඩේනම් හරිම කැතයි… මහජන නියෝජිතයෝ / රටක වැදගත් පදවියක් දරන මේ මිනිස්සුන්ගේ මනස මෙහෙමනම් මෙයාල කොහොමද සාමන්‍ය ජනතාවගේ මොලේ හදන්නේ…

ශ්‍රි ලංකික ජනතාවගේ ඔළු ගෙඩි වලට ජාතිවාදය වැපුරු / වපුරන, ලංකාව තුල නොවිසදිය හැකි ප්‍රශ්න ඇතිකලාවු සියළු ජාතින්ට අයත් දේශපාලන නරුමයන්ට ශාප වේවා!!

සුළුතර සිංහල ජාතිවාදින් නිසා ලංකාව තුල ඊලාම්වාදින් හා ජිහාද්වාදින් බිහිවීම නතර කළ නොහැක.

එකතුවන්න, පෙළගැහෙන්න - ලංකාව එක රටක්, ජාතින් රැසකගෙන් සමන්විතවු.
පිළිගන්න - හැම මනුෂ්‍යයෙකුටම මේ පොලොවේ ජීවත්වීමේ අයිතිය ඇතිබව
ලෝකයටම ඒත්තු ගන්වන්න අපි සිහළුන්, දෙමළුන්, මුස්ලිම්වරුන් නොව ශ්‍රි ලාංකිකයන් බව… එවිට මේ ආසියාවේ කදුළු බිංදුව ආයෙත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය වේවී.
ලාවන්‍යා සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙම පුවත් මූලාශ්‍ර (සිංහලෙන්) තුලින් ලබා ගත හැක.

Thursday, February 14, 2008

happy wal+in+time (වැලntine) day !!!

ඔන්න අද වැලන්ටයින් දිනය වේලි වේලි ඉන්න මල්, සුභ පැතුම් පත් සහ සර්ව පිත්තල ආභරණ බිස්නස්කාරයන්ගේ මඩිය තරවෙන දවස. ආසියාතික රටවල තමයි මේ වැලන්ටයින් වලට අම්බානක පබ්ලිසිටි. මොකද ඉන්න තරමක් ඉන්නේ බටහිර දේ අගය කරන අයනේ


ඔන්න ඔයාල දන්නවනේ මම ඉන්නේ සව්දි අරාබියේ කියලා මෙහෙනම් අද දවසේ කිසිම මල් වෙළඳසැලක රතු රෝස විකුනන්න බැහැ. (හැබැයි කලින්න අරන් ශිතකරණෙ තියාගන්න අය ඕන තරම්.) ඒ වගේම කව්රු හරි පොදු ස්ථානයක රෝස මල් අතේ තියන් හිටියත් අත්අඩංගුවට අරන් හිරේ දානවා ඔන්න ඔහොමයි මෙහේ නීති රීති. ඒකට අපේ….... @#%^%$&^&


අවංක ආදරෙන් ඉන්නවනම් හැමදාම වැලන්ටයින් තමයි මෙයා ඕං කිව්වා

පින්තූරය : ෆන්එල්කේ.කොම් වෙතින්

Monday, February 11, 2008

හොඳම 10

1. AVG Anti-Virus Free Edition - ඒ.වි.ජි නොමිලේ ලබාදෙන ප්‍රතිවයිරස මෘදූකාංගය - පුද්ගලික පාවිච්චිය සඳහා නොමිලේ බාගත හැක.

2. Ad-Aware 2007 Free - ඇඩ් ඇවයාර් - සාමන්‍ය ප්‍රති-ස්පයිවෙයාරයක් නොවේ. නියම එකක් ලෙසයි වර්ග කර තිබෙන්නේ.

3. LimeWire - ලයිම්වයර් - ලොව වේගවත්ම පි2පි ගොනු හුවමාරු කරන මෘදූකාංගයකි.

4. ICQ - අයි.සි.කිව් 6 - නවතාවයකින් යුත් සන්නිවේදන අත්දැකීමකට

5. Avast Home Edition ICSA සහ Checkmark සම්මත කල ප්‍රතිවයිරස මෘදූකාංගයකි

6. VersionTracker Pro - මෘදූකාංග සහ ඩ්‍රයිවර්ස් සදහා අවශ්‍ය අප්ඩේට්ස් ලබාදෙයි.

7. BitComet -වේගවත් සහ පහසු බාගත කිරිමක් සඳහා

8. WinZip - විශාල ධාරිතාවක් ඇති ගොනු හකුලාගැනීම සඳහා යොදා ගැනේ.

9. mIRC -වින්ඩෝස් චැට් සඳහා යොදා ගැනේ.

10. WinRAR -32-බිට් වින්ඩෝස් සංස්කරනයකි. වින්සිප් හා සමානව යොදා ගත හැකිය.

සැ. යු. : පරිවර්තනය කිරිමේදී වචනයන්හී සුළු සුළු වෙනස්වීම් සිදුවිය හැක. ඔබ යම් දෙයක වැරැද්දක් දකින්නේනම් නිවැරදි කරන්න. එය මම අගය කොට සලකමි.

Sunday, February 10, 2008

කැළණිය කැම්පස් එකෙත්………

කැළණිය කැම්පස් එකේ බුවාලා බුවීලා සෙට් එකක් ගහ ගත්තා කියන්නේ

සමහර විට යුද්දෙට යන්න අවශය කරන පෙරහුරුවක්ද දන්නේ නැහැ


අධ්‍යාපනය උනත් නිකන් දුන්නම ඔහොම තමයි කිසි අගයක් නැහැ. ඒකනේ පාඩම් වැඩ පාඩු කරන් දේශපාලනය කරන්න ගිහිල්ලා ගුටි ඇන ගන්නේ


මොන්ටිසූරියේ ඉදන්ම සල්ලි ගන්න ඕන අධ්‍යාපනයට, එහෙම නැතුව අපේ අයව හදන්න බැහැ


අනේ සි.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා හිටියනම් මොනවා නොහිතෙයිද නේ ????

රාමා මානී ……


මේ දවස්වල එහෙන් මෙහෙන් මේ නම ටිකක් ඇහුනා නේද ???

කවුද ?? මේ රාමා මානී

ඉන්දියානු සම්බවයක් ඇති ප්‍රංශ පුරවැස්සියක්.

ඇය ආචාර්‍යවරියක් (මැරවින් වගේ ගත්ත පට්ටමක්ද දන්නේ නැහැ…)
එමෙන්ම ජනවාර්ගික අධ්‍යයන කටයුතු පිලිබඳ ජාත්‍යන්තර ආයතනයේ විධායක අධ්‍යක්ෂිකාවක්

මැය මොනවද කලේ ??

ශ්‍රී ලංකාව තුළ දමිළ වැසියන් සමූල ඝාතනය කරන බවට විවිධ වාර්තා සකස් කර එම කරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දර්ශකයට ඇතුලත් කිරීමට උත්සහ කිරීම

අපි මොනවද කලේ ??

දින නියම කරලා පිටුවහල් කිරීම (අද රෑ 12.00 (12.02.08 මධ්‍යම රාත්‍රි 12.00) පෙර යන්න තමයි දින නියම කරලා තියෙන්නේ. ගියේ නැත්නම් අත් අඩංගුවට ගැනිමට හැකිය )

මොනවද කල යුතුව තිබුනේ ??

මොන නීතියක් දාල හරි ලංකාවෙම හිර කරන්න. මොකද නැත්නම් ආයේ ඉන්න තැනක ඉදන් ලංකාවට බාල්දි පෙරලන්න බලයි.

එහෙම නැත්නම් කරන්න තියෙන්නෙ අර ඉස්සර වගේ සද්ද නැතිව නිශ්ශබ්ද කරන්න…

Wednesday, February 6, 2008

ශ්‍රි ලංකා 4x4 අභියෝගය

මේ තියෙන්නේ මගේ හිතගත් 4X4 පින්තූර ටිකක්.
හ්ම්ම්.... ඇත්තටම ලස්සනයි......

පින්තූර - www.4x4.lk අන්තර්ජාල අඩවියෙන්

Tuesday, February 5, 2008

සමස්ත ලංකා බබා සංගමයේ ඉල්ලීම

ප්‍රභාකරන් මාමාගෙන්
අපේ දූලා පුතාලා ඉල්ලන ඉල්ලීම.

සමස්ත ලංකා බබා සංගමයේ ඉල්ලීම පරිදි ප්‍රචාරණය කරන ලදී.

Monday, February 4, 2008

මා ගැන.... කෙටියෙන්

මම නමින් මුහම්මද් හසන් ජුනෙයිඩීන්, දැනට විදේශගත ශ්‍රී ලාංකිකයෙක්. (දේශපාලන රැකවරණ මත නොවේ) සව්දි අරාබියාවේ රියාද් නගරයේ නාවික කටයුතු කලමණාකරනය කරන ආයතනයක (Shipping & Logistics) විධායක ශ්‍රේණියේ රැකියාවක් කරමින් තමයි ඉන්නේ.

මගේ මව් භාෂාව ද්‍රවිඩ උනත් ඉගෙන ගත්තේ සිංහල මාධ්‍යයෙන්. මගේ පාසල තමයි කොළඹ මරදාන සහිරා විදුහල. හොඳින් සිංහල ලියන්න කියවන්න පුලුවන් නිසයි සිංහලයෙන් බ්ලොග් අඩවියක් ලියන්න ගත්තේ. වේලාව ලැබෙන විදියට මොන මොනවා හරි ලියන්නම් හොදේ..

මා ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න කැමතිනම්,
පිවිසෙන්න http://www.mhassan.co.nr
මේ ඉන්නේ මම ..... :)